මැද මුලනේ කෑම වලටත් රජයේ මුදල් යොදවලා- නලීන් බණ්ඩාර(audio)

Published in පුවත්
Thursday, 02 July 2015 15:46

රාජපක්ෂ පවුල අලුත් අවුරුද්ද සමරා ඇත්තේද ආණ්ඩුවේ මුදල් වලින් බවත් දුප්පතුන් කිරිබතක් පිස ගැනීමට වත්කමක් නැතිව දුක් විදිද්දී රාජපක්ෂලා ආණ්ඩුවේ මුදලින් අවුරුදු කෑම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (02) පැවති හෙළිරදරව්ව 08 මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රාජපක්ෂලා අරලිය ගහ මන්දිරයේ දන්සැල් දුන්නේත් සුරතල් සතුන් ඇති කළේත් තමන්ගේ නිවසට එන අමුත්තන්ට කන්න බොන්න දී ඇත්තේත් ආණ්ඩුවේ මුදලින් බවත්,රාජපක්ෂ රෙජිමය අනාථාධාර වලින් පවා ගසාකමින් 2014 දී ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ලැබුණු ඇ.ඩො.මි 48 ක් වූ මුදලින් රුපියල් ලක්ෂ 6480 ක් වංචා කර ඇති බව පැවසුවේය.

එතුමා සිල්රෙදි බෙදීම හෝ ආධාර කිරීම වරදක් නොවන බවත් වරද වන්නේ ඒවා සිදු කළ ක්‍රමය බවත් මැතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස්වරයා තහනම් කළ ක්‍රියා පවා සිදු කළේ එතුමාගේ මුදලින් නොව ආණ්ඩුවේ සල්ලි වලින් බවත් එසේ කිරීම නීතිවිරෝධී බවත් කියා සිටියේය.
සිල් රෙදි බෙදීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් යොදා ගෙන ඇති බවත් සිල් රෙදි බෙදීමෙන් පවා සිදු කර ඇත්තේ වංචාවන් බවත් වැඩි මුදලක් ගොස් ඇත්තේ ඔවුන්ගේ සාක්කු වලට බවත් පන්සල් සල්ලි පවා ගසා කෑ බවත් පැවසුවේය.

කාල්ටන් පෙර පාසැල හරහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මුදල් ලබා ගෙන ඇති බවත් උසස් පාසැල් වලට දරුවන් ඇතුළත් කිරීමට කාල්ටන් පෙරපාසැල හරහා මුදල් ලබා ගැනීම පාසැල් සදහා ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ පවා උල්ලංඝනය කිරීමක් බවත් එ් ගැන ලැයිස්තු මේ වන විට සකස් කරමින් සිටින බව කීවේය. ඒ තොරතුරු සතු අය වේ නම් ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත්වී ඇත්තේ ළමුන් ඇතුළත් කිරීමට පමණක් නොවන බවත් රජයේ ටෙන්ඩර් ලබාදීම,නිවාස ලබා දීම,රැකියා ලබාදීම ආදී කටයුතු වලටද ඇය අත පොවා ඇති බවත් මේ මගින් මහා පරිමාණයේ දූෂණ වංචා සිදුවී තිබෙන බවට සාක්ෂි ලැබෙමින් පවතින බව පැවසුවේය.

අද රටේ කණ්ඩායම් දෙකක් සිටින බවත් ඒ දූෂණ අක්‍රමිකතා නැවැත්වීමට රාජ්‍ය බලය ඉල්ලන කණ්ඩායම සහ දූෂණ වංචා වසා ගැනීමට බලය ඉල්ලන කණ්ඩායම වශයෙන් බවත් පැවසුවේය.රට වෙනුවෙන් විදුලි පුටුවටත් යාමට සූදානම් කියූ හිටපු ජනාධිපතිවරයා අද අල්ලස් කොමිසම ඉදිරියට යාමටද බියෙන් පසුවන බවත් ශෂී වීරවංශ මහතිමියට තරම්වත් කොන්දක් නොමැති තත්වයට පත්ව ඇති බවද පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us