රැකියා දසලක්ෂය ව්‍යාපෘතිය අම්පාර දිස්ත‍්‍රික්කයෙන් අරඹනවා-දයා ගමගේ

Published in පුවත්
Saturday, 04 July 2015 09:38

අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයෙන් ජයගත් පසු එක්සත් ජාතික පක්ෂය දියත් කරන රැකියා දසලක්ෂය ව්‍යාපෘතිය අම්පාර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මැතිතුමා පවසයි. ඒ අනුව අම්පාර (දිගාමඩුල්ල) දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා ලක්ෂයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

දයා ගමගේ මැතිතුමා මේ බව කියා සිටියේ ඊයේ (03) පස්වරුවේ අම්පාර දයා ඇපරල් ශ‍්‍රවණාගාරයේ දී දිස්ත‍්‍රික්කයේ විශ‍්‍රාමිකයින් හමු වූ අවස්ථාවේ දී ය.

රජයේ සහ පුද්ගලික අංශයේ සේවයේ නිරත වෙමින් රටේ සංවර්ධනය වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ සියලූ විශ‍්‍රාමිකයින්ගේ සේවය මෙහිදී දයා ගමගේ මැතිතුමා විසින් ඇගයීමට ද ලක් කළේ ය.

මෙම හමුවේ දී අදහස් දැක්වූ දයා ගමගේ මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි පස් වසර තුළ අම්පාර දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන් රැකියා අවස්ථා සොයා පිට පළාත් වලට සංක‍්‍රමණය වීම නැවැත්වීමට පියවර ගන්නා බවයි. දිස්ත‍්‍රික්කයේ සෑම මට්ටමකම අධ්‍යාපන සුදුසුකම් සපුරන පුද්ගලයින්ට තමන්ගේ සුදුසුකම් සහ අත්දැකීම් වලට සරිලන රැකියා අවස්ථා ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් තමා විසින් සිදු කිරීමට අපේකෂා කරන බව ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකතුමා මෙහිදී අවධාරණය කළේය. එසේම, ඉදිරි පස් වසර අවසන් වන විට වෙනත් පළාත් වල පුද්ගලයින් රැකියා අවස්ථා සොයා අම්පාර දිස්ත‍්‍රික්කයට පැමිණෙන තත්ත්වයක් උදා වනු ඇතැයි ද දයා ගමගේ මැතිතුමා සඳහන් කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණිය, පළාතේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් සහ පන්සියයකට අධික විශ‍්‍රාමිකයින් පිරිසක් සහභාගීව සිටියහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මැතිතුමාගේ සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට ද අද මුල පිරුවේය. ඒ අනුව නාමල්ඔය ක‍්‍රීඩාංගනය මිලියන දෙකක මුදල් පරිත්‍යාගයෙන් සංවර්ධනය කිරීම සඳහා අද මුල් ගත් තැබීය. එසේම, අභිනවයෙන් ඉදි වූ පොල්වත්ත පාලම ද එම දෙපළගේ අතින් අද ජනතා අයිතියට පත් විය.

 

Last modified on Saturday, 04 July 2015 09:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us