'සත්හඬ' දැන් අන්තර් ජාලයෙන් කියවන්න

Published in පුවත්
Sunday, 05 July 2015 11:17

අද (05) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් 'සත්හඬ' පුවත්පතට සමගාමිව 'සත්හඬ' වෙබ් අඩවියද එළිදක්වා ඇත.

'මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !' යන ප්‍රධාන ශිර්ෂ පථයෙන් යුතුව 'සත්හඬ' සති අන්ත ජාතික පුවත්පත ඊයේ වෙළඳ පොලට නිකුත්කර තිබිණ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙසේ භාවනායෝගීව සිටින්නේ එම පුවත්පතේ ප්‍රචාරක දැන්වීමක් වෙනුවෙනි.

ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන මර්වින් සිල්වා මහතා කලා ක්ෂේත්‍රයට ද සම්බන්ධ අතර, ඔහු පුවත්පත් දැන්වීමක් වෙනුවෙන් පෙනී සිටින පළමු අවස්ථාව මෙයයි.

සත්හඬ පබ්ලිෂර්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන 'සත්හඬ' පුවත්පතෙහි ප්‍රධාන කතුවරයා වන්නේ, පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතායි.

ප්‍රභාත් වීරරත්න එහි නියෝජ්‍ය කතුවරයා ලෙසත්, සුභාෂ් ජයවර්ධන ප්‍රවෘත්ති කර්තෘ ලෙසත්, විමල් කැටිපේආරච්චි විශේෂාංග කර්තෘ ලෙසත් කටයුතු කරයි.

එම පුවත්පත සමග ප්‍රකාශයට පත් කරන 'කැදැල්ල' පුවත් සඟරාවේ සංස්කාරක වන්නේ, ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතාය.

එමෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් ම එම පුවත්පත සමග ප්‍රකාශයට පත් කෙරෙන 'Like' පුවත් සඟරාවේ සංස්කාරක වන්නේ, සංජක ප්‍රසාද් දොලේවත්ත ය.

'සත්හඬ' වෙබ් අඩවියේ සංස්කාරක වන්නේ සංජය ලියනගේ ය. ඔහු පුවත්පතේ ව්‍යාපාරික පිටු සංස්කාරකවරයා ද වේ.

http://www.sathhanda.lk/

Srilankamirror

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us