මහින්දට තවත් කොන්දේසි

Published in පුවත්
Tuesday, 07 July 2015 17:41

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ස්ථිර වශයෙන් ලබා දෙන බව අද (07)උදැසන දුරකථන පණිවිඩයක් ලබා දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි මීට පෙර වාර්තා විය.

ඒ අනුව මෙවර මහ මැතිවරණයට මහින්ද රාජපක්ෂ තරඟ කරන්නේනම් ඔහුට පහත සඳහන් කොන්දේසි ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා මණ්ඩලය තීරණය කර ඇතැයි පැවසේ.

1. මහින්ද රාජපක්ෂ ට නාම යෝජනා ලැබෙන්නේ හම්බන්තොටින් පමණයි.
2. ඔහුට අගමැති අපේක්ෂකත්වය, කණ්ඩායම් නායකත්වය හිමි නොවේ.
3.හම්බන්තොට දිස්ත්‍රික් නායක හෝ කණ්ඩායම් නායක ලෙස හෝ දිස්ත්‍රික් සංවිධායක තනතුරු හිමි නොවේ.
4. මහින්ද රාජපක්ෂ මහතා ට එරෙහිව මන්ත්‍රී ධූරයට පත්වීමෙන් පසුව දුෂණ හෝ අක්‍රමිකතා චෝදනා එල්ල වන්නේ ඔහු තනතුරින් ඉවත් වී ඒවාට මුහුණ දිය යුතුය.
5. දුෂණ, අක්‍රමිකතා චෝදනා එල්ල වූ එජනිස යේ 17 කට නාම යෝජනා ලබා නොදෙනු ඇත.
6. කිසිදු අයුරකින් බොදු ජන සේනා (බෙදු බල සේනා හි දේශපාලන පක්ෂය) සිය මැතිවරණ ව්‍යපාරයට සම්බන්ධ කර නොගත යුතුයි.

මීට අමතරව නිදහස් පක්ෂ නාමයෝජනා මණ්ඩලය අට දෙනෙකුට නාම යෝජනා ලබා නොදීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. එම අට දෙනාගෙන් හතර දෙනෙකුට නාම යෝජනා ලබානොදීමට මහින්ද රාජපක්ෂ පාර්ශවය එකඟ වී ඇති අතර අතර ඉතුරු හතර දෙනාට නාම යෝජනා ලබාදෙන ලෙස බල කරමින් සිටින බව පැවසේ.

නාම යෝජනා ලබාදෙන ලෙස බල කර ඇති හතරදෙනා ලෙස සඳහන් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ලක්ෂ්මන් වසන්ත, මහින්දානන්ද අලුත්ගමගේ යන පිරිසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us