සන්ධානයේ මෙවර සටන් පාඨයත් සිංහල ජාතිවාදයයි

Published in පුවත්
Wednesday, 08 July 2015 09:26

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන් පාඨය වනු ඇත්තේ සිංහල බෞද්ධ වර්ගවාදය පදනම් කර ගත් ගෝත්‍රවාදී සටන් පාඨ කිහිපයක් පමණක් වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සන්ධානය මහින්ද රාජපක්ෂ මහතා ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගනු ලැබුවේ දෙමල මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියකි. එදා එම මැතිවරණ ව්‍යාපාරයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ඇතුළු ජාතිවාදී නායකයන් සියල්ලම මෙවරද සන්ධානයෙන් තරග කිරීමට නියමිතය.

ඒ අනුව උග්‍ර සිංහල ජාතිවාදීන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ ආදීන් මෙවර මැතිවරණ වේදිකාවේදී එම ජාතිවාදි ව්‍යාපාරයම ගෙන යනු ඇත. ඒ වඩාත් පැහැදිලි වන්නේ 'මහින්ද සමඟ නැගිටිමු' මැයෙන් පැවැත්වූ ‍රැළි මාලාවේදී රාජපක්ෂ මහතාව උත්කර්ෂයට නැංවීම සඳහා යොදා ගනු ලැබුවේ ජාතිවාදය බැවිනි. රාජපක්ෂ මහතාද මෙම ජාතිවාදී ව්‍යාපාරය අනුමත කරමින් කටයුතු කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයේදී සුළු ජාතීන් කෙරෙහි විශේෂ නැමියාවක් දැක්වූවකු වූවද මහ මැතිවරණයේදී එම ප්‍රතිපත්තිය තුල සිටිමින් ඔහුට කටයුතු කිරීඑමට ඉඩක් ලැබෙනු ඇතැයි උපකල්පනය කළ නොහැක. මහින්දවාදීන් සන්ධානය තුල වඩා බලවත් වීමත් ඔවුන්ව පාලනය කිරීමට ඔහුට කිසිදු ශක්තියක් නොමැති බව රාජපක්ෂ ඇතුළු දූෂිත නඩයට නාම යෝජනා ලබා දීමට තීරණය කිරීමෙන්ම පැහැදිලි වන නිසාත් ජාතිවාදීන් බලවත් වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us