හිරුණිකාගේ බඩ, සිංහල බෞද්ධ අශිෂ්ඨකමේ ප්‍රශ්නයක් !

Published in පුවත්
Wednesday, 08 July 2015 13:25

හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහ උත්සවයෙන් පසුව ෆේස්බුක් හරහා ප්‍රචාරය වූ පෝස්ටරයකින් කියැවුණේ ඇය ගැබිණියක් නිසා හදිසියේ විවාහ වූ බවයි. මෙම පෝස්ටරය සකසා තිබුණේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිනා පාර්ශ්වයේ කුප්‍රකට ෆේස්බුක් ගිණුමක් ක්‍රියාකරවන්නෙකු විසිනි. ' sinhala bodhunuwa' ෆේස්බුක් පිටුවෙනි.

මහින්දගේ අගමැති අපේක්ෂාවන් කුඩුපට්ටම් වී ඇති මොහොතක ඒ සියල්ල පසෙක ලා හිරුනිකාගේ උදරයෙන් සන්තර්පණය වෙන මේ දේශපාලනික ක්‍රියාකාරීත්වය කුමක්ද ? මේ, මල්වට්ටි දෝතින් රැගෙන පන්සල් ගාණේ දේශපාලන රැස්වීම් තියනා ඊනියා සදාචාරවාදීන්ගේ සැබෑ කුහක කමේ නිරුවතයි.

එම පෝස්ටරය සඳහා හිරුණිකාගේ මංගල ඡායාරූප ඇගේ උදරය ඉස්මතු වනසේ පෙන්නුම් කෙරෙන අයුරින් යොදාගෙන තිබිණි. ඇත්තෙන්ම හිරුනිකා ගැබිනියක් වී නම් එය ඇගේ සහ ඇගේ සැමියාගේ පුද්ගලික ප්‍රශ්නයකි. ඊට දේශපාලනයක් ඈඳා ගත යුතු නැත. වැඩවසම් හර පද්ධතීන්ට නෑකම් කියනා බොහෝ දෑ ඔසවා තබමින් සිංහල බෞද්ධ නම් නියෝ හයිබ්‍රීඩ් ජාතිකත්වයක සදාචාරය ගැන කියනා උන්ට සුද්දා පැමිණිමට පෙර මෙරටේ පැවැති අශිෂ්ඨත්වයට ගැන කිසිවක් මතක නැත.

මින් පෙර පරම්පරා තුනකට හතරකට ඉහත මිනිසුන් ගැහැණුන් දරුවන් දුසිම් ගණන් හැදුවේ පොතේ අත්සන් කර නොවේ. ලිංගික සබඳතා , ලිංගික හැකියා , විවාහය හෝ දරුවන් බිහිකිරීම වැනි පෞද්ගලික කාරණා හැර දේශපාලන විවේචනයක් හෝ සොයා ගත නොහැකි තැනට රාජපක්ෂ කඳවුර බංකොලොත්ය. මේ පෙන්නුම් කරන්නේ එය ය.

11659355 863715650332620 2381246430328015992 n

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us