චමල් හම්බන්තොටින් එනවා

Published in පුවත්
Thursday, 09 July 2015 07:29

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට නැවත තරග කිරීමට තීරණය කළ බව දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පැවසීය. චමල් රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට තරග නොකොට දේශපාලනයෙන් සමු ගන්නා බව පසුගිය දිනවල වාර්තා විය.

එහෙත් පෙරේදා (7) චමල් රාජපක්ෂ මහතාගේ නිවසේ දී පැවැති තිස්සමහාරාම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීමේදී චමල් රාජපක්ෂ මහතාට නැවත තරග කරන ලෙස පාක්ෂිකයන් විසින් කරන ලද දැඩි ඉල්ලීමට එකග වෙමින් නැවත තරග කිරීමට චමල් රාජපක්ෂ මහතා මෙසේ තීරණය කළ බව අජිත් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, වී.කේ. ඉන්දික, දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අජිත් රාජපක්ෂ, දකුණු පළාත් ධීවර ඇමැති ඩි වි උපුල් යන මහත්වරුන්ද පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක්ද මෙම රැස්වීමට සහභාගිවී ඇතත් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා සහ හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය මෙම රැස්වීමට සහභාගි වී නැතැයි ද වාර්තාවේ.

 

dinamina

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us