මව්බිම පත්තරේ ලක්ෂ්මීට සජිත් කැත වැඩක් කරලා

Published in පුවත්
Friday, 10 July 2015 13:05

මව්බිම පුවත්පතේ ජනමාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරන ලක්ෂ්මී ජයකොඩි නම් තරුණිය පසුගියදා සිය මිතුරියකගේ අවශ්‍යතාවයක මත ඇය සමඟ නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හමුවීම සඳහා තංගල්ල නිවසට ගිය විට ඔවුන් සැකකටයුතු අය ලෙස චෝදනා කොට පොලීස් අත්අඩංගුවට පත්කරවීමට උත්සහ ගෙන තිබේ.

ප්‍රේමදාස මහතාට කලින් දුරකතනයෙන් දැනුම් දීමෙන් පසුව තංගල්ල නිවසට ගිය විට ඇයගේ අනන්‍යතාවය සඳහන් කිරීමේදී ඇය තමන් මව්බිම පුවත්පතේ සේවය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ පුවත් ‍රැසක් තමන් විසින් ආවරණය කරන බවත් පවසා ඇත. ඒ මොහොතේදී සජිත් ප්‍රෙමදාස මහතා මව්බිම කර්තෘ තුෂාර ගුණරත්න මහතා අමතා මව්බිම පුවත්පතෙන් කියා ගැහැණු ලමයෙකු පැමිණ ඇති බවත් එවැන්නකු මව්බිමේ සේවය කරන්නේද යන්න විමසා ඇත.

ඒ මොහොතේ තුෂාර ගුණරත්න මහතා එවැන්නකු තම පුවත්පතෙහි නැති බව පවසා ඇත. ඉන් පසුව ලක්ෂ්මී ජයකොඩි මෙනවියද තුෂාර ගුණරත්න මහතාට දුරකතන ඇමතුමක් ලබා දුන්නද ගුණරත්න මහතා ඇයව නොදන්න බව පවසා ඇත. ඉන් අනතුරුව සජිත් ප්‍රෙමදාස මහතා ඇය හා මිතුරියව පොලිසියට බාර දීමට කටයුතු කර ඇත. එහෙත් පසුව එතැනින් ගැලවී යාමට තරුණියන් දෙදෙනා සමත්ව තිබේ.

පසුදිනක නැවත ඇය කාර්යාල සේවයට වාර්තා කර ඇති අතර එදින තුෂාර ගුණරත්න විසින් කර්තෘ මණ්ඩලය ඉදිරි පිට දීම 'මව්බිම 'විකුණාගෙන කන බව කියමින් ඉතා නොසරුප් බසින් බැන වැදි සේවයෙන් ඉවත් කරන බව දන්වා තිබේ.

අප දන්න පරිදී ලක්ෂ්මී ජයකොඩි මෙනවිය මව්බිම ආරම්භයේ සිටම නොකඩවා එම පුවත්පතේ පුවත් වාර්තාකාරිනියක ලෙස සේවය කරයි. එම පුවත්පතෙහි දෙමළ භාෂා දැනුමක් සහිත එකම කර්තෘ මණ්ඩල සාමාජිකයාද ඇයය. තුෂාර ගුණරත්න විසින් සජිත් ප්‍රෙමදාසට තමන් එහෙම කෙනෙක් ගැන දන්නේ නැතැයි පැවසීම තුෂාරගේ පුද්ගලික හා මාධ්‍ය චර්යාවේ සීමාව ගැන දන්නා කිසිවකුට හෝ පුදුමයට කරුණක් නොවන නමුත් මහා ජනතා නායකයා, ජන හිත හඳුනන දුප්පතාගේ හිතවතා ලෙස තමන්වම වර්ණනාඩකරගන්නා සජිත් ප්‍රේමදාස මහතා විසින්, තමන්ගේ මාධ්‍ය හැඳුනුම්පතද පෙන්වා අනන්‍යතාවය සහතික කළ මේ ජනමාධ්‍යවේදිනිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය තුච්ඡය. ඇගේ වෘත්තීය සම්බන්ධතාවය නොසලකා හැරියත් මනුස්සකමට ගැලපෙන ලෙස කටයුතු කිරීමටවත් සජිත් ප්‍රේමදාස මහතා සමත්ව නැත. ඊයේ පෙරෙදා ඇමැති පට්ටමක් ලැබ ඉදිමී සිටින සජිත් ප්‍රේමදාස තමන්ගෙන් උපකාරයක් බලාපොරොත්තුවෙන් ආ මේ තරුණියකට සලකන්නේ මෙසේ නම් බලාපොරොත්තුවෙන් සිටින රටේ අගමැතිකම ලැබුන දාට තව කෙතරම් ඉදිමේදැයි සිතා ගත හැකිය.

 

 

Last modified on Saturday, 11 July 2015 18:22

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us