එතනෝල් සහ කුඩුකාරයින්ට නාමයෝජනා දුන් මෛත්‍රී “මතින් නිදහස් රටක්” ගැන කතා කරයි

Published in පුවත්
Friday, 10 July 2015 14:12

රටේම නම ගිය අපරාධකරුවන්, එතනෝල් ජාවාරම්කරුවන් සහ කුඩු ජාවාරම්කරුවන්ට නාමයෝජනා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පට්ටපල් බොරු කියමින් ජනතාව ගොනාට ඇන්දවීය.

ඒ, ‘මතින් නිදහස් රටක්’ නමැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සහ මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීමේ ජාතික උත්සවයේදීය. ඊයේ (09) පෙරවරුවේ ජා-ඇළ නගර සභා ක්‍රීඩාංගණයේදී එය පැවැත්වුණි.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් දේශපාලනඥයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ඉතා අත්‍යවශ්‍ය දෙයක් බවයි.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල කිසියම් දේශපාලනඥයෙක් නිරත වනවා නම් සහ ඉදිරියේදී නිරත වුවහොත් පක්ෂ, පාට, තරාතිරම නොබලා ඔහුට එරෙහි ව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඔහු දෙනෝ දාහක් ජනතාව ඉදිරියේ රෙදි ඇඳගෙන ‘හිටං’ මෙම කෙබර කෙළියේ කෙසේදැයි මුල අමතක නැති ජනතාව ප්‍රශ්න කරයි. නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් දේශපාලනඥයන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් කතා කරන ඔහු එවැනි දේශපාලනඥයින් සිය නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කලේ නැත.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වල කිසියම් දේශපාලනඥයෙක් නිරත වනවා නම් සහ ඉදිරියේදී නිරත වුවහොත් පක්ෂ, පාට, තරාතිරම නොබලා ඔහුට එරෙහි ව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බව පැවසූ ඔහු එවැනි දේශපාලනඥයින් සමග මහ මැතිවරණය ජය ගැනීමට මාන බලමින් සිටී. එවැනි දේශපාලනඥයින්ට එරෙහි නීතිමය පියවර පසෙක තබා අවම වශයෙන් ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමටවත් ලක්ෂ 62ක ජනතාවක් ගොනාට ඇන්දවූ මෛත්‍රීට හැකියාවක් නොවීම දෛවයේ සරදමකි.

මේ කතාවලට ශාප කරනවා විනා ජනතාවට වෙන කළ හැකි දෙයක් නැත. එහෙත් මහ මැතිවරණයේදී මේවාට පිලිතුරු දීමට ජනතාවට අවස්ථාවක් ඇත.

lankaleaks

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us