මෛත්‍රී දැන් නොසන්සුන්

Published in පුවත්
Saturday, 11 July 2015 09:44

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මහ මැතිවරණයට නාමයෝජනා ලබාදීමට විරෝධය පළ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ විස්‌සක්‌ පමණ මෙවර මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෙසේ වුවත් පක්ෂය වෙනුවෙන් වැඩි මෙහෙයක් සිදු කිරීමේ අදිටනිනි යුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය හිතවාදීන්ට ආසන සංවිධායක වැනි ධුර පිරිනමා හෝ විශාල ඡන්ද ප්‍රමාණයන් අහිමි වී යාම වළක්වා ගැනීමට කටයුතු යෙදීමක්ද සිදුකරමින් පවතී.

අලියා ලකුණින් යුතු "යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" නම් පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට මෙම පිරිස සූදානම්වීම සමග වත්මන් ජනිධිපතිවරයා කළබලයට පත්ව මෙම තීරණය වෙනස්කරවීමට උත්සාහ කළද දූෂිතයන්ට නාම යෝජනා ලබා දීම අත් හි‍ටුවීමෙන් හැර වෙනත් කිසිදු ක්‍රමයකින් ඔවුන්ගේ තීරණය වෙනස් කිරීම අසීරු වී ඇත.

මෙම තීරණය මල්ඵල ගැන්වීම උදෙසා මොවුන් සියලු දෙනාම ලබන 14 වැනිදා මහනුවරින් ආරම්භ කරන එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ මැතිවරණ මංගල රැලියට සහභාගිවීමට නියමිතය.

මෙම මහින්ද විරෝධීන් එජාපයට පැමිණෙන්නේ නම් ඔවුන් පිළිගැනීමට එජාප නායකත්වය ද ඉතා කැමැත්තෙන් පසුවන අතර ඒ සඳහා විවිධ මට්‌ටමින් සාකච්ඡා ද සිදුකෙරිණි.

මහින්ද විරෝධී පිරිස නියෝජනය කරනු ලබන දිස්‌ත්‍රික්‌කයන්හි එජාප නාමයෝජනා අවසන් නොකොට තබා ගැනීමට ද එජාපය කටයුතු කර තිබූ අතර මෙම පිරිස 20 දෙනකු හෝ ඊට වැඩි වෙතැයි එජාපය ඊයේ (10 ) සවස්‌ වන විට ගණන් බලා තිබිණි.

පවතින වාතාවරණය අනුව ගිරයට හසුවූ පුවක්ගෙඩියක් බදුව සිටින ජනාධිපතිවරයා නිවැරදි තීරණයක් ගැනීමට පසුබට වනවා විනා වෙනත් පියවරක් නොගැනීම කණගාටුදායක තත්වයකි. පක්ෂය රැකීමට යයි සිතා දූෂිතයන්ට අවස්ථාව ලබා දීම තුළ අවසානයේ පක්ෂය රැක ගැනීම කෙසේ වෙතත් ජනතාවිරෝධයක ඇගිලි දිගුවනු ඇත්තේ ජනපතිවරයාටමය. පක්ෂය රැකීම කෙසේ වෙතත් දැන් දැන් පක්ෂයේ මුල් පුරුක් පවා අහිමිවී යාම ආරම්භව ඇත.නමුත් මෙය ආරම්භයක් පමණි.ඇටි කෙහෙල් කෑවා නම් විදවිය යුතුමය.

Last modified on Saturday, 11 July 2015 12:01

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us