ඡන්දය දිය යුත්තේ මහින්දගේ දූෂිත සෙට් එකට ! - ජාතික විද්වත් එකමුතුව

Published in පුවත්
Tuesday, 14 July 2015 16:09
ඉදිරි මහමැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින්ට බව ජාතික විද්වත් එකමුතුව පවසයි.
 
 එසේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඇත්තේ රට පාවාදෙන සිංහල-බෞද්ධ විරෝධී ප්‍රතිරූපයක් බවත්, ජාතික විද්වත් එකමුතුව පෙන්වාදෙයි.
 
එම එකමුතුව වෙනුවෙන් අද(14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ පාඨලී චම්පික හා අතුරලියේ රතනහිමි වැන්නන් විසින් එජාපයට සහයදෙමින් එම ප්‍රතිරූපය වෙනස් කිරීමට උත්සාහ ගනිමින් සිටින බවයි.
 
උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා අමෙරිකාවේ සිදුකළ සංචාරයකදී 'ටැමිල් ලෑන්ඩ්'හෙවත් 'දෙමළ භූමිය'යන යෙදුම භාවිතා කර ඇති බවත්,සිංහලයෙකු මෙය 'සිංහල භූමිය' ලෙස එලෙස නම්කරනු ලැබීනම් 'ජාතිවාදියෙකු' ලෙස හංවඩු ගසන බවත් මෙම විද්වත් එකමුතුවට එක්වුණු ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කළේය.
 
මහින්ද රජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් ඇති සියළි දෙනාටම එරෙහිව දූෂන වංචා අපරාධ චෝදනා එල්ල වී ඇති බව මෙහිදී ජාතික එකමුතුව නොපැවසීමට පරිස්සම් වී තිබීම නිසා මේ කණ්ඩායම දූෂිතයන් ලෙස අපට අවධාරණය කිරීමට සිදුවිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us