මහින්දට ප්‍රාදේශීය සභා ඡන්දයවත් දිනන්න දෙන්නේ නෑ - දයා ගමගේ

Published in පුවත්
Thursday, 16 July 2015 15:42

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මැතිවරණය තබා ප්‍රාදේශීය සභා මැතිවරණය හෝ ජය ගැනීම සිහිනයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (16) පෙරවරුවේ හිගුරාණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ද රටේ නිදහස හා ප්‍රජාතාන්ත්‍රවාදය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව ඔහු පැවසුවේය.

මේ අතර ඉදිරි පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පෙරමුණු රජය විසින් ලබා දීමට අපේක්ෂා කරන රැකියා දස ලක්ෂයේ ව්‍යාපෘතිය පිළිබදව ද සිහිපත් කරමින් ඔහු පැවසුවේ එම රැකියා වලින් ලක්ෂයක් පමණ ලබා දෙන්නේ දිගාමඩුල්ලට බවයි.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සින්නක්කර ඔප්පුවක් ලබා දීම නව රජයේ අරමුණ බවත් ඒ වෙනුවෙන් පළාතේ නායකයා ලෙස දිවිහිමියෙන් කැපවන බව ද දයා ගමගේ මහතා අවධාරණය කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us