කොරියානු විභාගට ප්‍රවේශ පත්‍ර 11දා සිට

Published in පුවත්
Saturday, 02 August 2014 08:27

දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට අවස්ථාව උදාකරන 12 වැනි කොරියානු භාෂා ප්‍රවීණතා විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම එළඹෙන 11 වැනි දා සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ්‍ය පවසයි.

රටපුරා පිහිටි මධ්‍යස්ථාන 14 කදී මෙය සිදු කෙරෙන අතර එය එළැඹෙන අගොස්තු මස 11 වැනිදා ආරම්භ වී 14 වැනිදායින් අවසන් වන බවද එම කාර්යාංශය සඳහන් කරයි.

කොළඹ පිහිටි මධ්‍යස්ථාන දෙකක දී හා සහ රටපුරා පිහිටි මධ්‍යස්ථාන 12 කදී මෙම අයැදුම්පත් නිකුත් කිරීම සිදුකෙරෙන අතර අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, රත්මලාන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානය කොළඹ පිහිටි මධ්‍යස්ථාන බවද කියාසිටී.

කොරියානු රජයේ රැකියා හා කම්කරු අමාත්‍යංශය සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ශ්‍රී ලංකාවේ දී පවත්වන අතර මෙවර විභාගය මේ වසරේ ඔක්තොම්බර් 11 වැනිදා හා 12 වැනිදා පැවැත්වීමට සැලසුම් කැර තිබේ.

මෙවර විභාගයේ දී තෝරාගනු ලබන්නේ ධීවර හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පමණක් බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි .

ඔක්තොම්බර් 11වැ නි දා හා 12 වැනිදා පවත්වන පරීක්‍ෂණයේ වේලාවන් හා පරීක්‍ෂණ ස්ථාන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk මඟින් මෙන්ම ප්‍රධාන කාර්යාලයේ හා අනකුත් කාර්යාංශ ශාඛාවල දැන්වීම් පුවරුවල පළ කෙරෙන අතර විභාගයේ දී ලකුණු 200න් අවම වශයෙන් ලකුණු 80ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතු අතර, කඩඉම් ලකුණු ප්‍රමාණය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us