මහින්දගේ ඡන්ද වැඩට රජයේ වාහන 21 ක්. තව හෙලිකොප්ටරයකුත් ඉල්ලලා

Published in පුවත්
Friday, 17 July 2015 12:16

මහින්ද රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපතිවරයා ලෙස රජයෙන් ලබා දී තිබෙන වාහන 21 ක් ඔහුගේ මැතිවරන ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් සිටී. මෙම වාහන සඳහා ඉන්ධන ලබා දිමට රජයේ වියදමින් ලැබෙන අතර ඔහුගේ ආරක්ෂාවට යොදවා තිබෙන පොලිස් නිළධාරීන් 104 හා හමුදා නිළධාරීන් 105 දෙනාද මේවන විට මැතිවරණ කටයුතු සඳහා යොදවා ඇත. මීට අමතරව තවත් ආරක්ෂක නිළධාරීන් 85 දෙනෙකු ද තමාට අවශ්‍ය බව රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලිමක් කර ඇත.

මේ අතර තමාට හෙළිකොප්ටර් යානයක් අවශ්‍ය බවට ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමට පැයකට රුපියල් ලක්ෂ එකහමාර ගනනේ ගෙවන්නේ නම් ඒ ලබා දිය හැකි බව දන්වා ඇත. එහෙත් පසුව සජින් වාස් ගුණවර්ධන මහතාට අයත් කොස්මෝ එයාර් ආයතනයෙන් හෙලිකොප්ටර් යානයක් ලබා දිමට ගුණවර්ධන මහතා කටයුතු කර ඇතැයිද දැන ගන්නට තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් විසින් මැතිවරණ කොමසාරිවරයාට කල පැමිණිල්ලට පිළිතුරු බඳිමින් එම වරපරසාද ඔහුගෙන් ඉවත් කිරීම තමාට සිදු කළ නොහැකි බව දන්වා තිබේ. එහෙත් එවා මැතිවරන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට රාජපක්ෂ මහතා විසින් නොකළ යුතු බවද පවසා ඇත.

එහෙත් රාජපක්ෂ මහතා යනු මෙරට ඉතිහාසයේ ඉතා නිර්ලජ්ජිත ලෙස රාජ්‍ය දේපළ මැතිවරන කටයුතු වෙනුවෙන් යොදා ගත්තෙකි. එබැවින් රාජපක්ෂ මහතට ලබා දෙන මෙම උපදෙස් විහිළුවකට වැඩි දෙයක් නොවන්නේය.

රාජපක්ෂ මහතාට ලැබි තිබෙන වාහන මෙසේය. ඩිෆෙන්ඩර් 3යි, ලෑන්ඩ් කෲෂර් ජීප් 3 යි, කාර් 1 යි, ඩබල් කැබ් 2 යි, සිංගල් කැබ් 3යි, ට්‍රක් රථ 4යි, බස් 2 යි, යතුරු පැදි 3 යි,

Last modified on Friday, 17 July 2015 14:00

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us