රාමසාන් සමරන්න නිදහස් වටපිටාවක්- අගමැති

Published in පුවත්
Saturday, 18 July 2015 08:14

අදට (18) යෙදී තිබෙන රාමසාන් සැමරුම වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා මෙවර රාමසාන් උත්සවය සමරන්නේ සැකෙන් බියෙන් තොරව, නිදහසේ හුස්මක් ගත හැකි සමාජ වටපිටාවක් තුළ බවයි.

'' රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාව ඉමහත් භක්තියෙන්, උත්කර්ශයෙන් සමරන ආගමික උත්සවයක් වන්නා සේම එය සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් ආගමික සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන ප්‍රමුඛ ආගමික උත්සවයකි.
සහෝදර මුස්ලිම් ජනතාව සහෝදරත්වය, සමානාත්මතාවය, සහජීවනය යන උසස් පරමාර්ථ ප්‍රමුඛ කොට ගනිමින් පුරා මාසයක කාලයක් රාමසාන් උපවාස පිළිවෙත ඉටුකරති. එය ආහාර පිළිබඳ ඇති ආශාව, උවමනාව යටපත් කරගෙන කුසගින්නේ සිටීම පමණක් නොවේ. මෙහිදී වර්ධනය කරගන්නා කායික, මානසික සන්සුන් බව, සංයමය, විනය ඵලදායී යහපත් සමාජයක් බිහි කරගැනීමට මහඟු දායකත්වයක් ලබා දෙයි.
තම සහෝදර ජනතාවගේ දුක් වේදනා, අවශ්‍යතාවන්ට සංවේදී වෙමින්, උපකාර ලැබිය යුතු ජනතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් පරිත්‍යාගී වෙමින්, සහෝදරත්වය, සහජීවනය ගොඩනැංවීමට රාමසාන් උපවාස කාලය විශේෂයෙන් උපකාරී වේ.
මුස්ලිම් ජනතාව මසක් පුරා පැවති මෙම උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ සැකෙන් බියෙන් තොරව, නිදහසේ හුස්මක් ගත හැකි සමාජ වටපිටාවක් තුළ ය. එය සැමටම මහත් ප්‍රීතියටත්, සැනසුමටත් හේතු වන බව නිසැක ය.
ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි. ''

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us