දූෂණ චෝදනා එල්ල වූවන්ට කෙටි විවේකයක්

Published in පුවත්
Saturday, 18 July 2015 08:37

මහා පරිමාණ වංචා හා දූෂණ චෝදනා එල්ලවූවන් ප්‍රසිද්ධ සාක්‍ෂි විභාග සඳහා කැඳවීම අගෝස්‌තු මස 20 වැනිදා දක්‌වා කල් දැමීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මෙම ප්‍රසිද්ධ සාක්‍ෂි කැඳවීම පසුගිය 16 වැනිදා සිට ආරම්භ කරනු ලැබූ නමුත් මෙලෙස සාක්‍ෂි කැඳවීමෙන් තමන්ට අසාධාරණයක්‌ සිදු වන හෙයින් සාක්‍ෂි විභාග කල්දමන්නැයි මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයකු සිය නීතිඥයන් මගින් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිට ඇත.

ඒ අනුව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ද ප්‍රසිද්ධ සාක්‍ෂි කැඳවීම කල් දමන්නැයි කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ.කෙසේ වූවද කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තාවේ.

ඒ අනුව සාක්‍ෂි කැඳවීම අගෝස්‌තු මස 20 වැනිදා දක්‌වා කල් දමා ඇත. ඒ අනුව දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන්ට දැන් තරමක සැනසීමක් උදාවිය හැකි අතර කෙතෙක් කල් දමා ගත්තද ඒවෙනුවෙන් වග උත්තර බැදීමට සිදුවීම නියතය. කෙසේ වූවද උදාවූ කෙටි විවේකයෙන්හෝ සතුටු වීම හැර වෙනත් විකල්පයක් ඔවුනට නොමැත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us