කඩේ යන ඕඅයිසීලාට වැඩ වරදී

Published in පුවත්
Tuesday, 21 July 2015 09:56

මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් පක්‍ෂග්‍රාහීව කටයුතු කරන පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට එරෙහිව පියවර ගන්නා බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පැවැසීය.එවැනි නිලධාරීන් වහාම එම පොලිස්‌ බල ප්‍රදේශවලින් මාරු කර යෑවීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

මෙම නිලධාරීන් මාරුකර යවා ඔවුන්ට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌ ද ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.

පක්‍ෂග්‍රාහීව කටයුතු කරන පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් කීපදෙනකු පිළිබඳ මේ වන විට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් රහසිගත විමර්ශනයක්‌ මේ වන විටත් ආරම්භ කර තිබෙන බව ද නවරත්න මහතා කියා සිටියි.

අපේක්‍ෂකයන්ට පක්‍ෂව කටයුතු කරන පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් පිළිබඳ තොරතුරු වෙතොත් තමන් වෙත වහාම දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

රාජකාරියේ වගකීම අමකත කර වෙනත් අරමුණු උදෙසා කැප වන්නන් රාජ්‍ය සේවයට අනවශ්‍ය බව මෙන්ම ඔවුන් නිසා සිදුවන යහපතක් නොමැති බව කාලාන්තරයක් තිස්සේ අප අත් දැක්කෙමු. පොළිස් සේවය තුළ මේ තත්වය ඉතා උග්‍රලෙස දක්නට ලැබෙන අතර මැතිවරණ සමයේදී මෙන්ම ඉන් පසුවද ඔවුන්ගේ ගැති බව අහෝසිකිරීමේ අවශ්‍යතාවය සමාජයට දැඩිව දැනෙමින් පවතින්නකි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us