අපේක්ෂකයන්ට ආසනයට එක බැගින් කාර්යාල පවත්වාගෙන යාමේ අවස්ථාව

Published in පුවත්
Tuesday, 21 July 2015 10:01

මෙවර මැතිවරණට තරඟ වදින අපේක්ෂකයන් සඳහා තම නිවසේ මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යෑමට අමතරව එක් ආසනයකට එක් කාර්යාලය බැගින් පවත්වාගෙන යෑමට හැකි බව ඊයේ (20දා) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි වාර්තා වේ.

පක්ෂ ලේකම්වරුන්,නියෝජිතයන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවැති මෙම සාකච්ඡාවේදී පක්ෂයේ ආසන කාර්යාලයට අමතරව මෙම කාර්යාලය ස්ථාපිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙන අතර, ගෙයින්ගෙට ගොස් සිදුකරන ප්‍රචාරක කටයුතුවලදී සහභාගී විය හැකි උපරිම පුද්ගල ප්‍රමාණය 15 සිට 25 දක්වාද ඉහළ දැමීමට තීරණය වී ඇත.

මීට අමතරව මැතිවරණයට ඉදිරිපත් වී සිටින සන්ධාන ගත පක්ෂවල නියෝජිතයන්ටද ඡන්දය ගණන් කරන මධ්‍යස්ථාවලට ඇතුළුවීමට අවසර ලබාදීම පිළිබඳවද එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී මැතිවරණ නීතියට අනුගත වෙමින් ප්‍රචාරක කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us