සුජීව පෙත්සම ඉල්ලා අස්කර ගනි-කෝප් අතුරු වාර්තාවට එරෙහි වාරණය ඉවතට

Published in පුවත්
Thursday, 23 July 2015 12:12

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් අතුරුකමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබේ.

කෝප් අතුරු වාර්තාව කථානායකවරයාට බාරදීමට ප්‍රථම ප්‍රසිද්ධියට හා ප්‍රචාරයට ලක්කිරීම නීති විරෝධී බැවින් එලෙස ප්‍රසිද්ධියට පත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් පසුගියදා කළ ඉල්ලීමකට අනූව අද දක්වා බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණ.

කෙසේ වෙතත් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා ඊයේ පවසා තිබුණේ අදාළ වාරණ නියෝගය ඉවත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනූව පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා විසින්ම එය අද (23) ඉල්ලා අස්කර ගත් අතර වග උත්තරකාර පාර්ශව වලට නැවත ජූලි 30 වැනිදාට පිළිතුරු ලබාදීමට නියෝග කර ඇතැයි සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us