රාජ්‍ය සේවක අවම වැ‍ටුප දවසෙන් දවස ඉහළ යයි, දැන් 35,000ක ලන්සුවක්

Published in පුවත්
Friday, 24 July 2015 09:25
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවක අවම වැ‍ටුප 32,000 කරන බව පැවසීමෙන් පසුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයක්‌ යටතේ රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000 ක්‌ කිරීමෙන් පසු දීමනා රුපියල් 10,000 ත් සමග සම්පූර්ණ වැටුප වශයෙන් රුපියල් 35,000 ක්‌ ලැබෙන බව ඩලස්‌ අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
 
මීට දින කිහිපයකට පෙර මහිද රාජපක්ෂ මහතා පැවසූවේ රාජ්‍ය සේවක  වැ‍ටුප 25,000 දක්වා ඉහල දමන බවය.
 
විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (23 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
 
විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කර 2015 මූලික වැටුපට සාපේක්‍ෂව සකස්‌ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2014 නොවැම්බර් මස ඉදිරිපත් කළ 2015 අවසන් අයවැයෙන් පොරොන්දු වූ බව පැවසූ අලහප්පෙරුම මහතා එය ඉදිරි සන්ධාන රජයක්‌ යටතේ 2015 අලුත් වැටුපට පදනම් වන ලෙස සකස්‌ කරන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් සඳහන් කළේය. 
 
 
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us