සජින් වාස්‌ගේ පෙත්සම සලකා බලන්නෙත් නැතුව විසිකරයි

Published in පුවත්
Saturday, 25 July 2015 09:23

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු පාර්ලිමේනතු මන්ත්‍රි සජින් වාස්‌ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන රඳවා තැබීම නීති විරෝධි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ඔහු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නියම කිරීමෙන් තොරව ප්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24 දා) තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ පොලිස්‌පති ඇතුළු වගඋත්තරකරුවන් උසාවි කැඳවා විභාගයක්‌ පැවැත්වීමට තරම් පෙත්සමේ පදනමක්‌ නැති බවයි.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, චන්ද්‍රා ඒකනායක, උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිස්‌ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ පොලිස්‌පති ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

මේඅතර තමා ඇප පිට මුදා හැරීමට නියෝග කරන්නැයි ඉල්ලා සජීන් වාස්‌ ගුණවර්ධන මහතා කොළඹ මහාධිකරණයට ගොනු කළ පෙත්සම ලබන සඳුදා විභාගයට ගැනීමට නියමිතය.

 

divaina

Last modified on Saturday, 25 July 2015 09:28

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us