මැතිවරණ නීති කැඩූ 115 ක් අත්අඩංගුවට

Published in පුවත්
Saturday, 25 July 2015 16:25

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මේ වනවිට ඉදිරි මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ වනවිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි 92ක් ලැබී ඇති බව මැතිවරණ පැමිණිලි ඒකකය සඳහන් කළේය. මේ අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 506ක් ලැබී ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ මැතිවරණ පැමිණිලි ඒකකය සඳහන් කළේය.

එයින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ, පත්වීම් සහ උසස්වීම් සම්න්ධයෙනි. මේ අතර, නීති විරෝධී ලෙස පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන්, ගතවූ පැය කිහිපය තුළදී පමණක් පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

යාපනය, කයිට්ස් ප්‍රදේශයේදී පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.ඒ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවකගේ පෝස්ටර් 2000ක් සමග දැන්වීම් ඇලවීමට පැමිණ ඇති වෑන් රථයක් ද සමගින්ය.

සැකකරුවන් යාපනය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් වන අතර, ඔවුන් කයිට්ස් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, පුත්තලම ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් අලවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු සතුව තිබී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක දැන්වීම් 70ක් පොලිස් භාරයට ගෙන ඇත.

Last modified on Saturday, 25 July 2015 16:45

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us