කබ්රාල් මහ බැංකුවේ සල්ලිවලින් වේලක් කන්න රු. 6 ලක්ෂයක් වියදම් කරලා

Published in පුවත්
Sunday, 26 July 2015 15:18

2011 වසරේදී, 2018 පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා පැවැති වෙන්දෙසියේදී  ඊට සහභගී වූ එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්, එක ‍රාත්‍රී කෑම වේලක් වෙනුවෙන් රුපියල් 674,842 යි සත 69 ක් වැය කොට ඇතැයි හෙලිව තිබේ. මෙම මුදල ගෙවා ඇත්තේ මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහුට මහ බැංකුවෙන් නිකුත් කොට තිබුණු නිල ක්‍රෙඩිට් කාර්ඩ් පතෙනි. එහි අංකය 4862 9600 0000 0509 වේ.

මේ ක්‍රීඩා වෙන්දෙසියට කබ්රාල් සහභාගී වීම නිල වශයෙන් ඔහුගේ තනතුරට හිමි කාර්යයක් නොවේ. නාමල් රාජපක්ෂ සමඟ ව්‍යාජ සමාගම් තනාගෙන එහි තනතුරු ලබමින් මේ වෙනුවෙන් ලෝක සවාරි කිහිපයකටම ඔහු සහභාගී විය.

මෙම කෑම බිල ඔහු ගෙව ඇත්තේ 2011 අප්‍රේල් මස 5 වන දින ය. ඒ ලන්ඩන් මැරියට් හෝටලයේදීය.මෙම ක්‍රීඩා උළෙල ලබා ගැනීමේ සිහිනය වෙනුවෙන් රුපියල් මිලියන සිය ගන්නාක වැය කරනු ලැබුණද එය ලැබුණේ ඕස්ට්‍රේලියාවටය.

මේ අතර 2012 දී මිලියන 67,704 ක , 2013 දී මහ බැංකුවට සිදුවූ මිලියන 38,761 ක හා 2014 වසරේදී මිලියන 32,309 ක් පමණ දැවැන්ත පාඩුවක් පිළිබඳවද අනාවරණය වී තිබේ.එනම් බිලියන 13 කට වැඩි අලාබයක් කබ්රාල්ගේ ආර්ථික කලමණාකරණය අනුව සිදුව තිබෙන බව විගණකාධිපති වර්තාවෙන් හෙළිව තිබේ.

පසුගියදා සිදුව බැඳුම්කර ගනුදෙනුවෙන් දැවැන්ත පාඩුවක් සිදු වු බවට විපක්ෂ කණ්ඩායම් ප්‍රචාරයක් ගෙන ගියද එය මේවන විට පුස්සක් බවට පත්ව තිබේ.  ඒ ඔප්පු කර ගැනීමට තවමත් ඔවුන් සමත්ව නොමැත.

පහත දැක්වෙන්නේ ඉහත කී වෙන්දෙසියට සහභාගී වී සිටි නාමල් හා කබ්රාල්  විනෝදයෙන්  ගතකළ අවස්ථාවකි.

ajith-nivard-namal

Last modified on Sunday, 26 July 2015 15:20

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us