රනිල්ගෙන් රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

Published in පුවත්
Sunday, 26 July 2015 23:42

නව දේශපාලන ප්‍රවණතා සහ වෙනස් වීම් ඉදිරියේ ලෝකයේ දියුණු ව්‍යවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බැවින් තම නායකත්වය නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පවසන්නේ.

1978 ව්‍යවස්ථාව වෙනුවට රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසිය සමග කළ සාකච්චාවකදීයි ඔහු මේ බව කියා සිටියේ.

දහ නමය සහ විසි වන ව්‍යවස්ථා සංශෝධන ඇතුළු බොහෝ නව දේශපාලන තීන්දු තීරණ ගැනීමට පවතින අවශ්‍යතාව පෙන්වා දුන් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණයෙන් පසු ඒ සඳහා අවශ්‍ය පදනම සකස් කර ගැනීමට සිය පක්ෂය බලාපොරොත්තු වන බවයි.

සිය පාලන කාලය තුල ගෙන ආ දහ නම වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම කාර්ය භාරය ඉටු වුනේ නැති දැයි  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය වරයා කියා සිටියේ සංශෝධනය සම්මත කර ගත්තද එහි යම් ප්‍රශ්න තිබෙන අතර දහ නම වෙනි සංශෝධනය හරහා ගෙනා බොහෝ ප්‍රගති ශීලී වෙනස්කම් විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවයි.

 

ගාමිණී වියන්ගොඩ

ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ  සමග සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂය විසින් හඳුන්වා දීමට සැරසෙන නව ව්‍යවස්ථාවේ අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබීය.

1978 ව්‍යවස්ථාව අප රටට බොහෝ අයහපත් දේ ගෙන ආ බවත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නම් අලුත් ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය බවත් ගාමිණී වියන්ගොඩ ප්‍රකාශ කළේය.

කොතරම් පැලැස්තර දමා සංශෝධනය කර ඇතත් රටට ගැළපෙන ආකාරයට පවතින ව්‍යවස්ථාවක් තවමත් නිර්මාණය වී නැති බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීමට නම් සංශෝධන වලින් පලක් නොවන අතර විසඳුම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම වන බවයි ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ගාමිණී වියන්ගොඩ පවසන්නේ.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතියේ ලක්ෂණ සහිතව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කරන කැබිනට් මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තුවක් තුලින් නිසි ජනතා නියෝජනයකට ඉඩ දෙන ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවයි.

ජාතික සංහිඳියාව ඇති කිරීමටත් නව ව්‍යවස්ථාවක් මගින් ඉඩකඩ සැලසෙනු ඇතැයි පවසන ගාමිණී වියන්ගොඩ කියා සිටියේ වසර තිහක යුද්ධයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ ජාතීන් එකට එකතු කිරීමට නම් නව ව්‍යවස්ථාවක ප්‍රතිව්‍යුහගත කිරීම් තුලින් ආගමික නිදහස, ජාතීන්ගේ අයිතීන් සුරැකීමට පියවර ගත යුතු බවයි.

 bbc

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us