ගෝ‍ඨා... යුද්දය නැතුව ඉන්නම අමාරුද ? Featured

Published in පුවත්
Monday, 27 July 2015 12:34
මෛත්‍රී - රනිල් වික්‍රමසිංහ රජය, රටේ ආරක්ෂාව  ඉතා අඩු මට්ටමින් සලකන බවත් අද උතුරේ නොයෙකුත් අවනීති සිදුවන බවත් පෝස්ටර් ඇලවීමේ සිට නීතිය නොසලකා හරින තත්ත්වයක් පවතින බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී උත්සවයක් අමතමින් ඊයේ (26) ප්‍රකාශ කළේය. 
 
ලලිත් එල්ලාවලට හරසර පිදීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්විණි.
 
1980 දීත් උතුරේදී මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් රටේ ආරක්ෂාව ගැන නොසලකා ක්‍රියා කළහොත් යළිත් නොදැනුවත්වම රට යුද්ධයකට ඇද වැටෙනු නියත බවත් ඔහු කීවේය.
 
 
 (ගෝඨාභය රාජපක්ෂට අත් අඩංගුවට පත් නොවී සිටිම සඳහා මෙරට නිතියේ හිල් අස්සෙන් රිංගා යාවමට හැකිවීමේ කතාව අමතක කර මෙයට උත්තරයක් දිය යුතුය.
 
ගොඨාභයගේ කතාවෙන් පළමුව පැහැදිලිවන තත්වය නම් උතුරේ ජනතාව නිදහසේ කටයුතු කරමින් සිටින බවය. ගෝඨාගේ පොලිස් රාජ්‍යය යටතේදී උතුරේ පෝස්ටරයක් ගහන්න තියා මළ ගෙදරක තුන් හතර දෙනෙකුට වඩා ‍රැස්ව සිටීමත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමට තරම් හේතුවක් විය.
 
මේ මැතිවරණ සමයකි. මැතිවරණ නීතිය අනුව අංක සලකුණු මූණත් තහඩු යෝදා පොස්ටර් ගැසීම වරදකි. ඒහෙත් ඒ වරද හැමදාම කඩ විණි. මෙරට මැතිවරණ ඉතිහාසයේ මෙම නීති සඳහා යම් වටිනාකමක් එක්ව ඇත්තේද මෙවරය. අද මැතිවරණ කොමසාරිස් සිංහයකු සේ කටයුතු කරයි. ඔහු ජනාධිපතිවරයාගේ කතාවට පවා තහංචි යොදා තිබේ.
 
එහෙත් ගෝඨාභයට තමන් එදා මැතිවරණ කළේ කෙසේද කියා මේ මාස තුන හතරට අමතක වීම පුදුම සහගතය. ‍රජ්‍ය මාධ්‍ය අමු අමුවේ මැතිවරන නීති උල්ලංගනය කල හැටි අපට තවම මතකය. ඒවා විපක්ෂයට මඩ ගසන්නට යෝදා ගත් හැටි අපට මතකය.  රාජ්‍ය දේපළ මුළුමනින්ම මැතිවරණ සඳහා යෝද ගත් හැටි අපට මතකය. රජයේ සේවකයකු ලෙස සියළුම නීති උල්ලංඝනය කරමින් තමන්ද මැතිවරණ වීදිකාවලට ගොඩ වූ හැටි මතකය. ඒ ගැන තව තවත් කිව යුතු නැත. 
 
රාජ්‍ය ආරක්ෂාව ගැන දැන් කතා කරන ගෝඨාභය රාජපක්ෂලා 2005 දී එල්ටීටීයට මුදල් දි මැතිවරණ ජය ගැනීම උදෙසා එදා රාජය ආරක්ෂාව බල්ලාට දැම්මේ නැත්දැයි අපි අසන්නට කැමැතිය. සුනාමි සහනධාර රාඩා සංවිධානය හරහා එල්ටීටීයට ලබා දීමේ දී ඔය කියන රාජ්‍ය ආරක්ෂාව ගැන සිතුවේ නැත්තේ ඇයි දැයි අපි නොදනිමු. 
 
මෙවර ජනාධිපතිවරණයට පෙර එල්ටීටීඊ ඩයස් පෝරාව සමඟ මැතිවරණයට සහයෝගය ලබා ගැනීමට සාකච්චා කිරීම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි කල්පනා කලේ නැත්තේ ඇයි ?  රුද්‍රකුමාරන්ලා සමඟ කළ සෙල්ලෙමෙන් රාජ්‍ය ආරක්ෂාවට හානියක් නොවෙතැයි තිබුණ සහතිකය කුමක්ද ?  
 
දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ සහය මෙරට සංවර්ධනය සඳහා යෝද ගැනීමට ආණ්ඩුව කල්පනා කරන විට එය කොටියට රට පාවා දීමක් යැයි පහත් තුට්‍ටු දෙකේ මජර කතාවක් කියන්නට තරම් රාජපක්ෂලාගේ සිංහල ජාතිවාදයට හැකි වුනද එය රටේ බහුතර මතය නොවේ. රට ඉල්ලන්නේ ජාති ආගමික බේදයකින් තොර සාමකාමී සහජීවනයෙන් යුතු රටකි.
 
එහෙත් යුද්ධයක් නැවත අවුළා හෝ බලයට ඒම සහ බලයට පැමිණ සුපුරුදු අවනීතිය මුළුමහත් රට පුරාම රජකරවීම ගෝඨාභයලාගේ එකම අභිප්‍රාය බව ඔවුන් පෙන්වූයේ වතාවක් දෙකක් නොවේ. දෙමළා සහ මුසල්මානුවා කෙරෙහි වෛරය සහ සැකය අවුළුවමින් මේ ගෙනයන නින්දිත මැතිවරණ ව්‍යාපාරය එවැන්නක් මේ රටෙහි කෙරෙන අවසන් අවස්ථාව බවට පත් කළ යුතුව ඇත. )
Last modified on Monday, 27 July 2015 12:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us