මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර චීන සමාගමකට

Published in පුවත්
Monday, 27 July 2015 16:38

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ පළමු අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව Metallurgical Corporation of China (MCC) නම් චීන සමාගමකට ලබා දී ඇති බව වාර්තා වේ. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරිම සඳහා චීන Exim බැංකුව ආධාර සපයයි.

මේ වනවිට ශ්‍රී ලංකා රජය MCC සමාගම සමග සකච්ඡා කර ඇති පරිදි කොස්සින්න සිට මීරිගම දක්වා කිලෝ මීටර් 32.5ක දුර සඳහා රුපියල් බිලියන 145.8ක මුදලක් වැයවෙන අතර කිලෝමීටරයකට වැයවෙන මුදල රුපියල බිලියන 4.5ක් පමණ වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

කොළඹ සිට නුවර දක්වා ඉදිවෙන මෙම අධිවේගී මාර්ගයේ පළමු අදියර කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීමට නියමිතයි.

දැනටමත් චීන ඉදිකිරීම් සමාගම පළමු කිලෝ මීටර් 5 තුල මූලික වැඩ කටයුතු ආරම්භ කර ඇති බව පැවසේ.

කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ MCC සමාගම අතර ගිවිසුම අත්සන් කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

එමෙන්ම මෙහිදී ඉඩම් හිමිවෙන ජනතාවට වන්දි ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 500ක් ලබාදීම සඳහාද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය මෙම ව්‍යපෘතිය සඳහා චීන Exim බැංකුවෙන් සහනදායි ණය මුදලක් ලබාගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us