ෆෙඩරල් කියන්නේ රට බෙදිමේ පැත්තට යෑමක්‌ - විජිත හේරත්

Published in පුවත්
Tuesday, 28 July 2015 07:50

ද්‍රවිඩ ජාතික සන්ධානය ෆෙඩරල් ක්‍රමයක්‌ අවශ්‍ය බව සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කිරීමෙන් මෙරට ජාතිවාදීන්ට වාසියක්‌ අත්කර දී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ ඒ ඉල්ලීම්වලට මැතිවරණ ප්‍රකාශයට අපි එකඟ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණ ෆෙඩරල් ක්‍රමයට විරුද්ධයි. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක්‌ අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒත් ෆෙඩරල් ක්‍රමය, උතුරු නැගෙනනහිර යළි ඒකාබද්ධ කිරීම මේ සඳහා විසඳුමක්‌ නොවේ. ඒකාබද්ධ කර තිබූ උතුරත් නැගෙනහිරත් අධිකරණය ඉදිරියට ගොස්‌ වෙන් කළේ ජනතා විමුක්‌ති පෙරමුණ විසිනි. මේ පළාත් දෙක තිබිය යුත්තේ වෙන් වෙන්වයි.

ෆෙඩරල් කියන්නේ රට බෙදීමේ පැත්තට යැමක්‌. ද්‍රවිඩ ජාතික සන්ධානය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න මෙවැනි දේ ප්‍රකාශ කිරීම තුළින් සිදුවන්නේ යළි ජාතිවාදය ඇවිස්‌සීමයි. ජාතිවාදීන්ටයි මෙහි වාසිය යැයි ද විජිත හේරත් මහතා 'දිවයින' ට ප්‍රකාශ කළේය.

divaina

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us