හොර සෙට් එකෙන් නෙරපීම ගැන සතුටුයි

Published in පුවත්
Wednesday, 29 July 2015 10:00

කුඩුකාරයින්ගේ නම්, කැසිනෝකාරයින්ගේ නම්, ස්ත්‍රී දූෂකයින්ගේ නම්, මිනීමරපු අයගේ නම් පමණක් නොව එතනෝල්කාරයින්ගේ නම්, හිරගෙදරට ගිහිල්ලා හිර ගෙදර මිනී මරන අයගේ නම් වලට සුසිල් ප්‍රේම්ජයන්තලාට අත්සන් කරන්න පුළුවන් නම්, ඒ අත්සන එක්කම මගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළා කියා කණගාටු නොවන බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සම නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

හොරුන් එක්ක ඉන්නවට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව යාමට සිදු වීම පිළිබඳ තමා සතුටු වෙන බව අර්ජුන රණතුංග මහතා පවසා සිටියේ ඊයේ (28) මහර ගොංගිතොටහි පැවැති ජනහමුවකට එක් වෙමිනි..

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තමන්ගෙන් ඉවත් කළ නොහැකි බවයි.

“දුරකථන පණිවිඩයකින් දැන ගත්තා මාවත් ශ්‍රී ලංකා නිහස් පක්ෂයෙන් ඉවත් කරයි කියලා. මම ඒකට කණගාටු වෙන්නේ නැහැ. මොකද අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එක ගැන කණගාටු වෙන්න ඕන. අද සුසිල් ප්‍රේම්ජයන්තලාට ඒවගේම අනුර ප්‍රියදර්ශනයාපලාට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැයිස්තුව අත්සන් කරන්න පුළුවන් නම්, මේ කුඩුකාරයින්ගේ නම්, කැසිනෝකාරයින්ගේ නම්, ස්ත්‍රී දූෂකයින්ගේ නම්, මිනීමරපු අයගේ නම්, ඒ විතරක් නෙමෙයි එතනෝල්කාරයින්ගේ නම්, හිරගෙදරට ගිහිල්ලා හිර ගෙදර මිනී මරන අයගේ නම් අත්සන් කරන්න පුළුවන් නම්, ඒ අත්සන එක්කම මගේ නම මේ පක්ෂයෙන් ඉවත් කළා කියලා මම කණගාටු වෙන්නේ නැහැ. මොකද මේකේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැහැ. මේකේ තියෙන්නෙ දූෂණ ප්‍රතිපත්ති....”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us