අයියෝ! kiss කරලත් ඉවරයි

Published in අනං මනං
Wednesday, 29 July 2015 11:57

සිපගැනීම කියන්නෙ ලෝකේ තියෙන ප්‍රේමනීයම හැසිරීමක්. තව කෙනෙක් කෙරෙහි තිබෙන සෙනෙහස ප්‍රදර්ශනය කිරීම සඳහා සිපගැනීම යොදාගන්නවා .

නමුත් දැන් සිප ගැනීමත් අවදානම් ක්‍රියාවක් බවට පත්වෙලා. සිපගැනීම හරහා පැපිලෝමා නම් වෛරසය (HPV)පුදගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ගමන් කළ හැකි බව පැවසෙනවා.

මේ පිලිබඳ අදහස් දක්වන රෝයල් ඩ්රෝවින් රෝහලේ වෛද්‍ය මහිබාන් තෝමස් පවසන්නේ මෙම වෛරසය හිසේ, බෙල්ලේ සහ හකු ආශ්‍රිත පිළිකාවලට හේතුවන බවයි.

ඔහු සඳහන් කරන පරිදි මුවට මුව තබා සිප ගැනීම හරහා පැපිලෝමා වෛරසය අසාදනය වන මිනිසෙකුට වෛරසය අසාදනය නොවූ මිනිසෙකුට වඩා හිසේ සහ බෙල්ලේ පිළිකා ඇතිවීමේ අවදානම දෙසිය පනස් ගුණයක් වැඩියි.  පැපිලෝමා වෛරසය ගැහැණු පිරිමි බේදයකින් තොරව බලපෑම් ඇති කරන බව පැවසේ.

ඇමරිකාවේ රෝග වැළක්වීමේ සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය පවසන පරිදි පැපිලෝමා වෛරසය මුඛ සංසර්ගය, කට  අරගෙන සිටීම සහ මුවට මුව තබා සිප ගැනීම හරහා බෝ වීමේ හැකියාවක් පවතියි.මීට අමතරව ලිංගික එක්වීමකින් තොර ප්‍රේම ආලිංගන හරහාද මෙම වෛරසය අසාදනය වීමේ හැකියාවක් පවතින බව පැවසේ.

මෙම තත්ත්වය දුම් පානය සහ නිතර මත්පැන් පානය කිරීම නිසා ඇතිවන පිළිකා අවදානමට සමානයිලු.  

ඕස්ට්‍රේලියාව තුල 2011 වසරේ හිස සහ බෙල්ල ආශ්‍රිත පිළිකා රෝගීන් 3121ක් හඳුනාගෙන ඇති අතර එම පිළිකා සඳහා  දුම්බීම, මත්පැන් පානය, විකිරණ සහ  පැපිලෝමා වෛරසය හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.

Last modified on Wednesday, 29 July 2015 11:59

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us