කොඩිය දෙප‍රැන්දෙන් උඩට ගැනීම ගැන Featured

Published in පුවත්
Wednesday, 29 July 2015 13:09

පසුගිය මාර්තු මාසයේදී සිංහල බෞද්ධ අන්තවාදී මැට්ටන් පිරිසක් විසින් මෙරටේ ජාතික කොඩිය ලෙස පිළිගත යුතු අමුතු කොඩියක් මහනුවරදි උස්සාගෙන කල විගඩමට පසුව එම කොඩිය රාජපක්ෂලාගේද කොඩිය බවට පත් විය. රජපක්ෂලා යනෙන තැන්වලද ඒ උස්සගෙන යැම සිරිතක් වූ අතර පසුව එය ජාතික කොඩිය විකෘති කිරීමක් ලෙස සමාජයෙන් එල්ල වු බැලපැම් නිසා ඒ දෙකට නවා දෙප‍රැන්දෙ ගසා ගත්තේය.

නැවත පෙරේදා දිනයේදී මේ ඔසවනු ලැබීය. මේ වෙලාවේ අහක යන නයි රෙද්දස්සේ දමා ගන කෙලවා ගත යුතු නැතැයි කලපනා කල අයෙකු එම කොඩි පසුව ගලවා දමා යළි දෙප‍රැන්දේ සඟවා ගත්තේය. නමුත් මෙහෙම මැතිවරණ වේදිකාවකට මේවා ගේද්දි මුං බබ්බු නෙවෙයි. මේ සිංහල බෞද්ධ ජාතිවාදීන් අදටත් කරන්නෙ මහින්දට ඕනෙ පිච් එක එලියෙන් හදන එක.

ඒ අස්සේ මහින්දගෙ මහින්දගේ ආරක්ෂක අංශය පැමිණ, මෙම කොඩි දුටුවහොත් මහින්ද පැමිණෙන්නේද නොමැතිවේයැයි පවසා ඒවා ඉවත්කර මහින්දව තොත්ත බබා කළේය. මේකෙන් තමන් මෙම අන්තවාදී ප්‍රවාහයට විරුද්ධ බව හා නීතිගරුක බව සුළු ජාතීන්ට සංඥාවක් ලබාදෙයි. කොඩි දැම්මේද ඒවා ගැලෙවේද ඒක ප්‍රවෘත්තියක් කළේද ඔවුන්මය. එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකි.

එමෙන්ම මෙහි ඇති අනෙක් කතාව නම් මාධ්‍යවේදීන්ව, මහින්දගේ ආරක්ෂකයින්ගේ 'අත් අඩංගුවට' ගැනීම හා ඡායාරූප පළනොකරන ලෙස තර්ජනයට ලක්වීම තුළ පෙන්නුම් කෙරෙන්නේ වැරදීමකින් හෝ අනාගත රාජපක්ෂ පාලනයක් පැමිණියහොත් ලැබෙන්නට නියමිත මාධ්‍ය නිදහසය.එය අර 'අලුතෙන්ම පටන් ගැනීම' ට නියමිත දෙයක් නොවේ, පරණ ක්‍රමයමය විය හැකිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us