පෙඩරල්වත් අපි දෙන්නෙ නෑ - එජාපය

Published in පුවත්
Thursday, 30 July 2015 07:27

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වමින් ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටින නමුත් ඊට එක්සත් ජාතික පෙරමුණ එකඟත්වය පල නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමක් සඳහා ප්‍රතිපාදන සලසා ඇති බවයි.

“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් අපි කිව්වා ඒකීය රාජ්‍ය ව්‍යුහය කිසිලෙසක වෙනස් කරන්නේ නැහැ කියල ,” ඔහු සඳහන් කළේය.

ප්‍රතිපත්ති ප්‍රකාශනය

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වන්නට පෙර ඒකීය රාජ්‍ය ව්‍යුහය තුළ බලය විමධ්‍ය ගත කරන බව ප්‍රකාශ කොට ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා පැවසුවේ.

රටේ සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු දෙනාට සමගියෙන් යුතුව එකරටක් ලෙස ජීවත්වීමට ඇති අවස්ථාව අහිමි වන්නාවූ කිසිම දේ කට එකඟ නොවන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවීය.

bbc

Last modified on Thursday, 30 July 2015 07:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us