අතුරුදන් MH 370 ගුවන් යානයේ යයි සැකකෙරෙන සුන්බුන් රීයුනියන් දුපතෙන් හමුවෙයි (photos)

Published in අනං මනං
Thursday, 30 July 2015 10:41

පසුගිය කාලය පුරාම විශාල කතාබහකට ලක්වූ MH 370 මැලේසියානු ගුවන් යානයට සමාන ගුවන් යානා කොටස් කිහිපයක් දකුණු ඉන්දීය සාගරයේ පිහිටි රීයුනියන්(Reunion) නම් දුපතේ තිබී හමු වී තිබේ.

මෙම ගුවන් යානා කොටස් පසුගිය වසරේ මාර්තු මාසයේ අතුරුදන් වූ බොයිං 777 වර්ගයේ ගුවන් යානයක කොටස් වලට බොහෝදුරට සමාන බව පැවසේ.

ගුවන් යානා පිළිබඳ විශේෂඥයන් සඳහන් කරන පරිදි හමුවූ පියාපත් කොටස අතුරුදන් වූ ගුවන් යානයේ පියාපතට බොහෝදුරට සමානවේ. එසේම මෙම හමුවූ සුන් බුන් කොටස් සහ අතුරුදන්වූ ගුවන් යානයේ තොරතුරු සමඟ සංසන්දනය කර මෙහි ඇත්ත නැත්ත සෙවිය හැකි බව ඔවුන්ගේ අදහසයි.

බොයිං 777 වර්ගයේ ගුවන් යානා අලුත් වැඩිය තත්ත්වයට පත්වීමට පෙර විවිධ අනතුරුවලට ලක්වී ඇත්තේ 5ක් පමණි. ඉන් එකක් පසුගිය වසරේ ජූලි මාසයේ යුක්රේනයේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වූ අතර ඉතිරි අනතුරට පත් ගුවන් යානා තුන විවිධ රටවල ස්ථානගත කර තිබේ. මේ අනුව ඉතිරිවන්නේ MH370 මැලේසියානු ගුවන් යානය පමණි. එසේනම් හමුවූ ගුවන් යානා කොටස් බොයිං 777 වර්ගයේ ගුවන් යානයක කොටස් බව තහවුරු වුවහොත් එය MH370 මැලේසියානු ගුවන් යානයේ කොටස් බවට සැකයක් නොමැත.

මෙම පුවත වාර්තාවීමත් සමග මැලේසියානු රජයේ බලධාරීන් ඇතුළු රටවල් ගණනාවක් මේ පිළිබඳව පරීක්ෂණ ඇරඹීමට උනන්දුවෙන් සිටින බව වාර්තා වේ.

ඉකුත් වසරේදී මාර්තු මස 08 වැනිදා මගීන් 238 දෙනෙකු රැගෙන ක්වාලාලාම්පූර් නුවර සිට පියාසර කරමින් තිබියදී පැය දෙකක් පමණ ගතවී යානය අතුරුදහන් වූයේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොකරමිනි.
අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් රැසක් මෙම යානය සොයා එහි ගමන් මාර්ගයේ විවිධ ස්ථාන සෝදිසි කරමින් පරීක්ෂණ සිදු කළත් යානයට වූයේ කුමක්ද යන්න පිළිබඳව සැළකියයුතු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.

පසුව මැලේසියානු බලධාරීන් අතුරුදන්වූ ගුවන් මගීන් මිය ගිය වුවන් සේ සළකා ඥාතීන්ට වන්දි ප්‍රධානය කර ලදී.

plane1

plane3

plane4

plane5

plane6

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us