සෝමරත්නට සභාපතිකම එපා වෙලා!

Published in පුවත්
Thursday, 30 July 2015 14:18

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අද(30) සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

පෞද්ගලික හා පවතින දේශපාලනයේ ඇතැම් කාරණා මත මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු පවසයි.

සිය ඉල්ලා අස්වීම එළැඹෙන සඳුදා දින සිට ක්‍රියාත්මක බවත් ඒ් පිළිබඳ අද පස්වරුවේ ප්‍රකාශයක් සිදු කරන බව සෝමරත්න දිසානායක සඳහන් කරයි.

ඉතා නිර්ලජ්ජිත ලෙස මහින්ද රාජපක්ෂට වන්දිබට්ටකම් කරමින් කලාව විකුණගෙන කෑ, කලා මුදලාලීයකු වන සෝමරතන තමන්ගේ වෙළදාමට අවශ්‍ය පරිදි චිත්‍රපට සංස්ථාව මෙහෙයවා ගැනිමට එහි හිටපු සභාපතිවරයා ඉඩ නොදීම නිසා පැවැති රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කර මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට එක් වූයේය.ඔහුව එසේ ගෙන එනු ලැබුවේ ජාතික හෙල උරුමය විසිනි.

එකල සෝමරත්න දිසානායක මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කිරීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පවා බෙහෝ දෙනෙක් තුළ පැවැතියේ දැඩි විරෝධයකි.

කෙසේ වුවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව කළ පළමු පත්වීම වූයේ සෝමරත්න දිසානායක මහතා රූපවාහිනී සංස්ථාවේ සභපතිධුරයට පත් කිරීමය. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් බරපතල විරෝධයක් ද එල්ල වූයේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us