සී.බී.ගේ වාහනේ අල්ලලා-මනාප අංකයයි රූපයයි ස්ටිකරයකින් වසා මුදා හරී

Published in පුවත්
Friday, 31 July 2015 12:25

නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායක සී.බී.රත්නායක මහතාගේ ජීප් රථය හැටන් මල්ලිඅප්පුව පොලිස් මාර්ග බාධකයේදී හැටන් පොලීසිය භාරයට ගෙන තිබේ.

අපේක්‍ෂකයා නොමැතිව මනාප අංකය සඳහන් කරමින් ජීප් රථය ධාවනය කිරීමේ චෝදනාව යටතේ ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.

නුවරඑළිය සිට කොළඹ දක්වා මෙම ජීප් රථය ධාවනය කරවමින් තිබූ අතර ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී ජීප් රථයේ සී.බී.රත්නායක මහතාගේ පුත් අභීත රත්නායක මහතා හා ඔහුගේ රියදුරා ජීප් රථය තුළ ගමන්කර ඇති බව වාර්තා වේ.

අභීත රත්නායක පොලීසියට පවසා ඇත්තේ රථයේ අලුත්වැඩියා කටයුත්ක් සඳහා කොළඹ රැගෙන යමින් තිබූ බවය.

අත්අඩංගුවට ගැනුනු ජීප් රථයේ අලවා තිබූ මනාප අංක සහ අපේක්‍ෂකයාගේ ඡායාරූපය නොපෙනෙනසේ ඊට උඩින් කළු පැහැති ස්ටිකරයක් අලවා පොලිසිය විසින් ජීප් රථය මුදාහැරිය බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us