මහින්දගේ පොරොන්දු විහිළු සහගතයි - දයා ගමගේ

Published in පුවත්
Saturday, 01 August 2015 08:59

කුරුණෑගල දිස්ත්‍රික් එජනිස කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දු ජනතාවට විහිළු සැපයීමේ අරමුණින් සකස්වූවක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අම්පාරේ පැවති ජන හමුවක් අමතමිනි.

අද මහින්ද රාජපක්ෂ මහතා විවාහපත්වන යුවළක් සදහා රුපියල් ලක්ෂ දෙකක් දෙන බව පවසන බවත් පසුගිය ආණ්ඩු සමයේ දී රාජපක්ෂ මහතා විවාහ ගාස්තු පස් ගුණයකින් ඉහළ නැංවූ බව දැන් ඔහුටම අමතක වී ඇති බවත් පැවසුවේය.

මෙවැනි පොරොන්දු මගින් ඔහු උත්සාහ කරන්නේ ජනතාව රැවටීමට නම් ජනතාව තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතාගේ පොරොන්දු වලට නොරැවටෙන බව ද ඔහු මතකයේ තබා ගත යුතුයැයි දයා ගමගේ පවසයි.

මේ අතර මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ දයා ගමගේ මහතා ඉදිරි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මගින් සියලුම බලපත්‍රලාභීන්ට සින්නක්කර ඔප්පු ලබා දෙන බවත් මෙය එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම තමාගේ ද යෝජිත වැඩපිළිවලේ ප්‍රමුඛ කාරණයක් බව ද ඔහු සදහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us