පොලිස් මදාවියා දුමින්දගේ ආධාරකරුවන් යටකරගෙන පලායයි. අයෙක් මරුට

Published in පුවත්
Saturday, 01 August 2015 16:15

එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආධාරකරුවෙකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර රබෑව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මැදවච්චිය සිට අනුරාධපුර දෙසට ධාවනය වූ වෑන් රථයක් එම ස්ථානයේ සිටි පිරිස යටකර පළාගොස් ඇති බව සඳහන්ය.

වෑන් රථය පදවා ඇත්තේ අනුරාධපුර පොලිසියට අනියුක්තව සේවය කරන සී. අයි. කුමාරසිරි නැමැති අපකීර්තිමත් ප්‍රධාන පොලිස් පරික්ෂකයා බව ද පොලිස් හෙළිව තිබේ.

මිට පෙර මොහු වැලිකඩ පොලිස්ථානයේ සේවය කරන කාලයේහි හිටපු ආරක්ෂක ලේකම් වරයාගේ බැලමෙහෙවර කරමින් සිටි අයකි. ගංජා පානය කිරීම, පොලීසියට පැමිණෙන ස්ත්‍රීන් අපහරණය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

මෙම අනතුරේදි බරපතළ තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ එක් කාන්තාවක් රෝහල් ගත කර ඇති අතර එක් පිරිමි පුද්ගලයෙකු එහිදි ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක් බව වාර්තාවෙයි.

තුවාල ලෑබුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම අනතුර වන විට මොහු රාජකාරියෙහි යේදී සිටියකු (on duty) වූවත් ඔහුගේ මැස්ඩා බොන්ගො වර්ගයේ පෞද්ගලික වැන් රථයෙන් වෙනත් කටයුත්තක් සඳහා යමින් සිට ඇත.

මේ වන විට අදාළ සැකකාර පොලිස් නිලධාරියා මිහින්තලය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේය. වැන් රථයේ තිබී ගංජා සුරුට්‍ටු කිහිපයක්ද පොලීසිය සොයාගෙන ඇත.

Last modified on Saturday, 01 August 2015 16:19

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us