බ්ලූමැන්ඩල් වෙඩි තැබීමෙන් තවත් අයෙක් මරුට

Published in පුවත්
Monday, 03 August 2015 10:36

කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.

මිය ගිය පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි බුලත්සිංහලලාගේ නිරෝෂන් සම්පත් නම් 30 හැවිරිදි අයෙකි. මොහු අද අළුයම 03 .50 ට පමණ ඔහු මියගොස් ඇත.

පසුගිය සිකුරාදා දහවල් කොටහේන බ්ලූමැන්ඩල් සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් 05 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මහ මැතිවරණය ප්‍රකාශයට පත්කළ පසු නිවිතිගල ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධි‍යෙන් පසු ඇතිවූ බරපතළම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙම සිදුවීමය. විවිධ පාර්ශවයන්ට චෝදනා කරමින් මෙම සිදුවීම විග්‍රහ කරන්නට උත්සාහ දැරීම් දක්නට ලැබුණත් මේ සිදුවීම නිසා පීඩාවට පත්වූයේ අහිංසක සාමාන්‍ය වැසියන්ය.

සබැදි පුවත්

මැතිවරණය මිනිස් බිල්ලක් ගනියි - 12කට තුවාල(PHOTO)

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us