ගෝඨා, මෛත්‍රී එක්ක ඩීල්. බැසිල් මැතිවරණ සටන අතහරී !

Published in පුවත්
Monday, 03 August 2015 22:15

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දේශපාලන ගනුදෙනුවකට යාම නිස බැසිල් රාජපක්ෂ මහතා මේවන විට සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්නයෙන්ම අතහැර දමා තිබේ.

මේ ගැ‍ටුම මූලික වශයෙන් හට ගෙන ඇත්තේ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීමට යෑමේදීය.

බැසිල් රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් වූ ජගත් වැල්ලවත්ත, ධම්ම දිසානායක, විජිත් නානායක්කාර, නිමල් බණ්ඩාර හා මාධ්‍යවේදී සංජිව එදිරිමාන්න ඇතුළු පිරිසක් විසින් සන්ධානය වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කෙටුම්පත් කර ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස්මත දයාන් ජයතිලක, නාලක ගොඩහේවා, චරිත හේරත් ඇතුළු පිරිසක් තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් කෙටුම්පත් කර ඇත.


ප්‍රතිපත්ති ප්‍රකාශයට මෛත්‍රීගේ යෝජනාත්


එහෙත් බැසිල් රාජපක්ෂ මහතාගේ පිරිස විසින් සැකසු ප්‍රතිපත්ති කෙටුම්පත එළිදැක්වීමට සියලු කටයුතු සුදානම් කර තිබිය දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතාට බැනවැදී මුද්‍රිත එම ප්‍රතිපත්ති කෙටුම්පත් සියල්ල ගිනි තබන්නැයි නියෝගකර ඇති අතර ගෝඨාභය විසින් සකස් කළ කෙ‍ටුම්පත පිළිගෙන තිබේ. මේ අනුව මේවන විට ප්‍රකාශයට පත් කොට ඇත්තේ එම කෙ‍ටුම්පතවන අතර මෙහි විශේෂත්වය වන්නේ දොලොස් වැදැරුම් ප්‍රතිපත්තිවලට අමතර ජනාධිපතිවරයා විසින් ලබා දුන් කොටසක්ද මෙහි අඩංගු වීමය.

'අනාගතයට සහතිකයක්' ලෙස නම් කෙරුණු මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයනේ අවසානයට ඇති 'දේශපාලන ප්‍රතිසංස්කරණ 'නම් කොටස ජනාධිපතිවරයා විසින් ලබා දුන්නක් වේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය සමුගැනීමක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමද ගොඨාබය රාජපක්ෂ මහතා විසින් සිදු කෙරුණු අතර මේ සෘජුවම මහින්ද රාජපක්ෂ මහතාගේ බල කිරීම මත් සිදුවූවක් බවද රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පවසයි.

 

Last modified on Monday, 03 August 2015 22:28

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us