රජය සතු කිසියම් වාහනයක් නිල බලය මත තබා ගෙන සිටින අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හට වුව ද අංකයක් ප‍්‍රදර්ශනය වන ස්ටිකර් හෝ තීන්ත ආලේප කිරීමක් එම වාහනවල කළ නොහැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.
මේ අතර මැතිවරණ සමයේ අවශ්‍ය අවස්ථාවක පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමේ අවසරය පොලිස්පතිවරයා වෙත ලබාදුන් බව පැවසූ ඒ මහතා, අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් බන්ධනාගාරවලින් නිදහස ලැබීම, බන්ධනාගාර තුළ සිට ක‍්‍රියාත්මක වන පාතාල ක‍්‍රියා සහ අලූතින් ඇති විය හැකි එවැනි තත්ත්වයන් පිළිබඳව ද දැඩි අවධානයකින් පසුවන අදාල අංශවලට උපදෙස් දී ඇති බවද පැවසීය. මැතිවරණය සමයේ දී රජයේ ප‍්‍රධාන අමාත්‍යංශ 03ක සහ තවත් රාජ්‍ය ආයතන 03ක රැකියා ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙන බැවින් ඊට අදාලව ලේකම්වරයෙකු සහ සහකාර ලේකම්වරයෙකු සම්බන්ධයෙන් පරික්‍ෂණ අරඹා ඇතැයි ද ඔහු කියා සිටියේ ය.
පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් භාවිත කළ, මෙතෙක් භාරදී නොමැති රජයේ වාහන වහාම අත්අඩංගුවට ගෙන රජයට භාර දෙන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙන අතර අදාළ ඉල්ලීම පරිදි පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන සාකච්ඡා කිරිම සඳහා ජනමාධ්‍ය ප‍්‍රධානීන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ඊයේ (3) පස්වරුවේ පැවති සාකච්ඡාවක දී ය. එමෙන් ම ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී රජයේ නිල වාහන භාවිත කළ හැක්කේ අග‍්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්‍ෂ නායකවරයා, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පමණක් බවය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

