රෝහණ වීරසිංහ මහින්දට ගයන ගීතය

Published in පුවත්
Tuesday, 04 August 2015 13:16

තරුණ කණ්ඩායම් හිටපු ජනපති මහින්ද රාජක්ෂ මහතා පරාජය කිරීමට ඡන්දය ලබාදුන්නේ 88, 89 කාලයේ මෙරට සිදුවූ භීෂණ පිළිබඳ තිබූ නොදැනුවත්කම නිසා යැයි සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා කොළඹ ජාතික පුස්තකාලයේ දී ඊයේ (3) පැවති කලාකරුවන්ගේ හමුවකදී පවසා ඇත. එසේම, එම ඉතිහාසය හොඳින් විමසීමෙන් පසුව මෙවර මැතිවරණයේදී නිවැරදි තීන්දු ගැනීමට කටයුතු කරන්නැයි ද මෙරට තරුණ කණ්ඩායම් වලින් මෙන්ම සමස්ත ජනතාවගෙන් ඉල්ලා ඇත.

88-89 යුගයේ භීෂණය ගැන අද සංවේදී වන රෝහණ වීරසිංහ මහතා ඒ කාලයේ දී කුමක් කරමින් සිටියාදැයි විමසිය යුතුය. මන්දයත් ගීතමය නිර්මාණ තුළින් එම ඛේදවාචකය හා ඊට අදාල පසුබිම් එකී අනතුර දරමින් ම ඒ කාලයේ ඉදිරිපත් කර තිබුණේ නන්දා මාලිනී, ගුණදාස කපුගේ, ප්‍රේමසිරි කේමදාසයන් වැනි ඉතා සුළුතරයක් පමණි. තරුණ පරම්පරාව සංගීතය හරහා 88-89 හැඳින ගත්තේ අදාල මොහොත තුළ නොබියව සිය යුතුකම ඉටු කළා වූ එවන් කලාකරුවන් වෙතිනි. රෝහණ වීරසිංහ කෙනෙක් එම ධාරාව නියෝජනය කළ බවක් තරුණ පරම්පරාව අසා නැත. 88-89න් පසුව හෝ එකී වින්දිතයින්ට සාධාරණය ඉටු කරනු වස් මේ රෝහණලා කළ දෙයක් නොමැත. මීට වෙනස් යමක් ඇත්නම් එය පවා තරුණ පරම්පරාව වෙත සම්ප්‍රේශණය නොවීමේ වගකීම රෝහණලා ම සතුය.

එසේම, 88-89ට අදාලව ගතහොත් නීතීඥ විජේදාස ලියනාරච්චි ඝාතනය සඳහා ඔත්තු ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ බවට කසුකුසුවක් ඒ කාලයේ සිටම පවතී. එමෙන් ම ඒ කාලය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ සිදුකෙරුණු ඝාතන සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂගේ ද නම ඈඳී ඇත. ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලම සමූහ මිනීවල වන මාතලේ විජය විද්‍යාලය පසුපස රෝහල් භූමියෙහි මිනීවලෙහි සිරුරු 154කට අයත් කොටස් තිබුණි. මාතලේ විජය විද්‍යාලය එවකට වධ කඳවුරක්ව පැවති අතර ඒ ප්‍රදේශයේ හමුදා අංශ භාරව සිටියේ ගෝඨාභය ය. ඒ 88-89 රාජපක්ෂ කෙරුවාව ය.

රෝහණ වීරසිංහගේ මේ කැක්කුම පැණනඟින්නේ හිටපු ජනාධිපති කලා උපදේශකයකු ලෙස දීමනා සමඟ ලද ලක්ෂ ගණනක මාසික දීමනා අහිමි වීමෙන් පසුවය. මහින්ද වෙනුවෙන් කහින්නට එන බොහෝ කලාකරුවන්ට ඇත්තේ එදා ලද වරප්‍රසාද අහිමිවීමේ වේදනාව මිස මහින්ද වෙනුවෙන් වන කැක්කුමක් හෝ නොවේ. තමුන් සහ තමුන්ගේ දරුපවුල් සුරක්ෂිත වූ හෙයින් රටේ තරුණ පරම්පරාවට හෙණ වැදුණත් ඒ පිළිබඳ රුදාවක් එදාත් ඔවුන්ට නොතිබුණු අතර අද කොහෙත් ම තිබෙන්නට විදියක් ද නැත. පසුගිය ජනාධිපතිවරණ සමයේ කුරුණෑගලදී අලුත් පරපුරේ තරුණයින්, තරුණියන් ඇතුළු කලාකරුවන් පිරිසකට නාමල් රාජපක්ෂගේ නිල් බලකායෙන් මැර ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ පවා මේ රෝහණ තැවුනේ පහර කෑ උන් ගැන නොව මහින්දගේ කීර්ති නාමය ගැනය. රෝහණගේ සංවේදීකම තිබෙන්නේ එතැනය.

එසේම තරුණ පරම්පරාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කළේ අහවල් එකක් පිළිබඳ නොදැනුවත් භාවය නිසා නොව ඔහු සිය පවුලේ අනාගතය පමණක් ම සලකමින් රටේ තරුණ තරුණියන්ගේ අනාගතය අඳුරුම වන තැනට කටයුතු කළ ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් ව සිටි නිසාය. එක් අතකින් පොලීසිය හමුදාව මෙන්ම මැරබලයද යොදවා රට භීෂනයට පත් කරන අතරම අනෙත් අතින් රටේ භූමිය ඇතුළු ජාතික සම්පත් කුණුකොල්ලයට විදේශිකයින්ට පාවා දෙමින් සහ කොමිස් වෙනුවෙන් නැවත ගොඩ ගත නොහැකි ප්‍රමාණයේ ණය උගුලක රට සිරකරමින් ගෙනගිය ක්‍රියාදාමය පිළිබඳ මනාව දැනුවත් වූ තරුණ කණ්ඩායම් එය නැවැත් වීමට ඉදිරිපත් වූයේ සිය අනාගතය වෙනුවෙනි. හිටපු ජනපතිගේ වන්දිභට්ටයින්ට රිදුණාට ඒ පිළිබඳව තරුණයින්ට කරන්නට දෙයක් ද නැත.

මහින්ද ගැන අවංකව ම කැක්කුමක් ඇත්නම් රෝහණ වීරසිංහට ලබන 18 වෙනිදායින් පසු ලැබෙන මන්ත්‍රී ධූරයද අත්හැර නැවතත් මැදමුලන වලව්වට ම යන්නට නියමිත මහින්ද වෙනුවෙන් සර්පිනාවක් ද රැගෙන එහි ගොස් "අපේ සබඳකම් නෑ රියසක දන්නේ"යි ගයා ඔහු සැනසිය හැකිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us