බෙල්ල නම් කපා ගන්න එපා මහින්ද ! හිරේ යන්න !!

Published in පුවත්
Wednesday, 05 August 2015 13:21

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හොරණදී ජන හමුවකට සහභාගී විය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව අදහස් පළ කළේ ය.

ඔහු පැවසුවේ, එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් දී ඇති පොරොන්දු ඉටු කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගන්නා ආකාරය ඔවුන් දන්නා බව ය. 


"විලිලැජ්ජා නැති මිනිස්සු. මං කිව්වා මනුස්සායෝ මගේ එක ඩොලරයක් හරි තියෙනවා නම් ඔප්පු කරපං, පිහියක් අරං මගේ බෙල්ල කපා ගන්නව කියලා" මේ හිටපු ජනාධිපතිවරයා විසින් හොරණ ප්‍රදේශයේ දී එළි දක්වන ලද ඔහුගේ අදහසය.

පළමු කාරණය නම් මහින්ද මහතා මෙතරම් විස්වාසනීය ලෙස කියන්නේ ඔහුගේ සඟවන ලද මුදල් ඇත්තේ යූරෝ හෝ යුවාන් වැනි වෙනත් මුදල් ඒකකයකින් විය යුතුය. නැතිනම් මෙතරම් තදින් අපවෙත ඔට්ටු දමන්නේ නැත. අනෙක නම් ඒවා කෙසේවත් සොයාගත නොහැකි ලෙස සඟවා ඇති බවට වන්නා වූ ඔහුගේ විස්වාසයයි. ජනාධිපති වශයෙන් ඔහු රැස් කළ මුදල් ඊට පහළ කිසිවෙකුට මළාට සොයන්නට බැරි වෙන්නට පුළුවන.

එසේම මහින්ද රාජපක්ෂට කියන්නට ඇත්තේ, බෙලි කැපීම, බඩ කපා මුහුදේ දැමීම වැනි ක්‍රියාවන් අයත් වූයේ ඔබගේ පාලන ක්‍රමයට බවත් කිසිවෙක් දැනට ඔබගෙන් හෝ ගෙල කපා ගැනීමක් බලාපොරොත්තු නොවන බවත් ය. හැකිනම් මිනිසෙකු සේ ඔබ කළ ක්‍රියාවන්ට අදාළ දඬුවම් වලට මුහුණ දෙන්න, එදිනට, "මෙන්න දේශපාලනික පළිගැනීම් කරනෝ" යැයි නොකියන්න.

අනුකම්පාසහගත රටක් වශයෙන් එදිනට ඔබකෙරේ රට වැසියන් යමක් සිතනු ඇත. ඇත්තෙ න්ම පෙර සංඛ්‍යා අනුව බලත් නම් හොඳම දේ බෙල්ල කපා ගැනීම වන අතර ප්‍රභාකරන් පැරදූවායැයි කියන ඔබට එතරම් ඬෛර්යයක් නැතිවීම ගැන පුදුම නොවෙමි. එහෙත් මේ බෙලි කපන යුගය නැවතූ සමයයි. නම්බු පිටින් අධිකරණ ක්‍රියාදාමයකට ඉදිරිපත් වන්න. කැලෑ නීති අනවැසි බැවින් ඔබට විරුද්ධව චන්දය ප්‍රකාශ කළ අපට ඔබ ගෙල කපා ගනු දැකීමේ මේනියාවක්ද නැත.

Last modified on Wednesday, 05 August 2015 19:43

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us