හරීන් ලණුවක් කාලා - දයාසිරි

Published in පුවත්
Sunday, 03 August 2014 17:46

පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ඌව පළාත් සභාවට තරග කිරීමට සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලණුවක් කා තිබෙන බවත් ඌව පළාත් සභාවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවත් ඉතිරවන්නේ විපක්ෂ නායකකම පමණක් බවත් වයඹ මහඇමති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

“සමහරු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙලා ජනතාව ඉදිරියේ වීරයෝ වෙලා ජයග්‍රහණය කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එහෙම කරන්න බැහැ. හරීන් ප්‍රනාන්දු මහත්තය හොඳ ලණුවක් තමා කාලා තියෙන්නේ.

එහෙ ඉතු‍රු වෙන්නේ  විපක්ෂ නායකකම විතරයි. ඌවේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයා පරාජය කරන්න හරීන් ප්‍රනාන්දු මහත්තයට හම්බවෙන්නේ නැහැ. හරීන් හිතන්න ඇති දයාසිරි වගේ පාර්ලිමේන්තුවෙන් අස්වෙලා පළාත් සභාවට ඉල්ලුවාම මහඇමති වෙන්න පුළුවන් වෙයි කියලා. එහෙම කරන්න බැහැ. ඒක තේරෙන්නේ නැති හැටි.” යනුවෙන්ද හෙතෙම පැවැසීය.

කුලියාපිටිය ප්‍රදේශයේ වැඩ අවසන් කළ ජල, මාර්ග හා විදුලි ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ඌව පළාත් සභාවෙන් පසුව ජනපතිවරණයක් පැවැත්වීමටද ඉඩ තිබෙන බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මහ ඇමතිවරයා පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us