ජාතිය ආගම පදනම් කරගත් දේශපාලන පක්‍ෂ තහනම් කළ යුතුයි

Published in පුවත්
Thursday, 06 August 2015 08:31

ජාතීන් වශයෙන් සහ ආගම් වශයෙන් ඇති දේශපාලන පක්‍ෂ මේ රටෙන් තහනම් කළ යුතු බවත්, ජාති ආගම් කුල භේදවලින් තොර යහපත් පුද්ගලයන් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට සියලු ඡන්ද දායකයන් කටයුතු කළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.

කාදිනල්තුමන් මෙසේ පැවසුවේ පසුගියදා ශ්‍රී ලංකා විද්වත් සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එක්‌ පුද්ගලයකුට පමණක්‌ බලයක්‌ ලැබෙන දොරටුව අරින්න හැම දේශපාලන පක්‍ෂයක්‌ම දායකවෙලා තියෙනවා. ජනතාවගේ පොදු බුද්ධිය යොදවා මත්කුඩු, මත්පැන්වලට විරුද්ධව මේ රට බාරගත හැකි අය පාර්ලිමේන්තුවට යවන්න, යැයිද කාදිනල්තුමා පැවැසූහ.

ජාතිය සහ ආගම පදනම් කරගත් දේශපාලනයක්‌ අපේ රටට උචිත නැහැ. අපේ රටට නැත්තේ ක්‍රිස්‌තියානි පක්‍ෂයක්‌ විතරයි. එවැනි දෙයක්‌ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එසේ කරනවා නම් අපි අපේ රටට කරන්නේ විශාල ද්‍රෝහිකමක්‌ බවද උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේය.

(දිවයින ඇසුරෙනි)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us