ප්‍රගීත්ව ඉස්සුවේ කරුණාගේ සෙට් එකක්, බාර දුන්නේ මිනේරියට, නියෝගය ලේකම්ගෙන්

Published in පුවත්
Friday, 07 August 2015 12:13

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගිය බවට සැකකෙරෙන දෙමල ජාතිකයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත් අඩංගුවට ගෙන ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වී ඇත.

 
මොවුන් දෙදෙනා එල්ටීටීඊ සංවිධානයේ සිට කරුණා අම්මාන් සමඟ පැමිණ බුද්ධි අංශවල රාජකාරි කළ දෙදෙනෙකි. දෙමළ ජාතිකයන් දෙදෙනා මෙම මෙහෙයුමට සම්බන්ධ වී ඇත්තේ එවකට ආරක්ෂක අංශයක ලේකම්වරයෙකුගේ උපදෙස් මතය. 
 
මොවුන් දෙදෙනා විසින් රාජගිරියේදී පැහැරගත් එක්නැලිගොඩ මහතා, මින්නේරිය ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ගොස් හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකුට බාරදී ඇත. එවකට බුද්ධි අංශයේ සිටි නිළධාරීන් කිහිප දෙනෙකු හා දේශපාලනයට සම්බන්ධ මැරයෙකුද  මේ සිදුවීමට සම්බන්ධ බවටද තොරතුරු වාර්තාවේ.
 
කර්නල්වරුන් දෙදෙනා ද අත් අත්අඩංගුවට ගැනීමට නියමිතය බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
එදින ප්‍රගීත් පැහැරගෙන යාමට පැමිණි කණ්ඩායම ඒ සදහා භාවිතා කළ දුරකථනයෙන් අවසන් ඇමතුම ලබාගෙන ඇත්තේ බකමුණ ප්‍රදේශයේදීය.
 
ප්‍රගීත් පැහැරගැනීම සම්බන්ධයෙන් කළ පොලිස් පරීක්ෂණ පසුගිය යටගසා තිබුණ ද මෙම පැහැරගැනීම ගැන බොහෝ තොරතුරු ඉදිරි සති කිහිපය තුළ හෙළිදරවු වනු ඇතැයි දැනගන්නට ඇත.
Last modified on Friday, 07 August 2015 16:01

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us