මහින්ද, මෛත්‍රීට යටත් වෙයි ! තනතුරුත් එපා කියයි.

Published in පුවත්
Sunday, 09 August 2015 09:07

තමාගේ එකම ප්‍රතිවාදියා එජාපය හා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝග කිරීමට තමාගේ කිසිඳු සුදානමක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ  මහතා අවධාරණය කර සිටියි.

මීගමුවේ පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සදහන් කළේය.

තමාට නැවත වරක් නිදහස් පක්ෂයේ සභාපතිධුරය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.

"නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා ජනාධිපතිවරයා වුණාම මම මේ පක්ෂයේ සභාපතිකම දුන්නා.. මේ රටේ මිනිස්සු වෙනස් කළේ ජනාධිපතිවරයා මිසක් අගමැතිවරයා ඇතුළු කැබිනට් මන්ඩලය නෙමෙයි.. නමුත් වුණේ විනාඩි දෙකක් යන්න ඉස්සෙල්ලා පැනලා දිවුරුම් දුන්නා.. අපේ අගමැතිතුමා බලාගෙන ඉන්නවා එහේ.. එතකොට තමයි දන්නේ එතුමා අගමැතිකමෙන් පන්නලා දාලා කියලා..කොහොම කෙසේ වුණත් ඔහු අරගෙන ඉවරවෙලා කාගෙන්ද පළිගත්තේ.. නිදහස් පාක්ෂිකයන්ගෙන්.. මම මේ අවංකවම කියනවා... මේ පක්ෂයේ සභාපතිකම් ගන්න සූදානම් නැහැ කීයටවත්.. මෛත්‍රී ඉන්නවා එතන ජනාධිපතිකමේ ... මම පාර්ලිමේන්තුවේ.... එකට එක්කහු වෙලා තමයි මේ පාර අපි මේ සටන මෙහෙයවන්නේ..' යයි ඔහු වැඩි දුරටත් පැවසිය.

Last modified on Sunday, 09 August 2015 09:09

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us