PSD විසුරුවන එක මගේ වැඩක් නෙවෙයි - ජෝන්

Published in පුවත්
Sunday, 09 August 2015 14:46

පීඑස්ඩී හෙවත් පොලිස් ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැරීමේ තීන්දුවක් ගෙන නැති බව මහජන ආරක්ෂාව සම්බන්ධ ඇමැති ජෝන් අමරතුංග බීබීසී සංදේශයට පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර ජනපති ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරීමට තීරණ කර ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ.

"එහෙම එකක් නම් නෑ. ජනාධිපති ආරක්ෂක අංශය පිළිබඳව තීන්දු කරන්නේ ජනාධිපතිගේ ආරක්ෂාව භාරව ඉන්න ප්‍රධානීන්. ඉතින් ඒ අය විටින් විට පොලිස් නිලධාරීන් මාරු කරනවා, වෙන වෙන කණ්ඩායම් අරගන්නවා," ඔහු පැවසීය.

ජනාධිපති ආරක්ෂාව ඇතුළු පොලිසිය සම්බන්ධ සියලු තීන්දු ගනු ලබන්නේ පොලිස්පතිවරයා සහ ජනාධිපති ආරක්ෂාව සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බවද සඳහන් කළේය.

කෙසේ නමුත් ජනමාධ්‍ය එම වාර්තාව පළ කොට තිබුණේ අමාත්‍යවරයා උපුටා දක්වමින්.


"නෑ මම එහෙම එකක් කියල නෑ. ඒක මම හිතන්නේ වැරදි ප්‍රවෘත්තියක්. මම දැනුවත්ව නෙවෙයි ඒක කෙරෙන්නේ," අමාත්‍යවරයා පැවසීය.

 

මෙම පුවත ද සන්ඩෙටයිම්ස් පුවත්පතෙහි පළ කර තිබු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී පී එස් ඩී යට අනුයුක්ත කර සිටින පොලිස් නිලධාරීන් ව නැවත පොලිස්ථානවලට අනුයුක්ත කරන බවද පවසා තිබිණි.

 

සැබැඳි පුවත්:

ජනපති ජීවිතයට අනතුරක්වීම වලක්වන්න, PSDය විසුරුවයි, ජනාධිපති ආරක්ෂාව STF එකට

 

Last modified on Sunday, 09 August 2015 14:49

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us