ටිරාන්ගේ වංචා හෙළි කළ තරහට 'මව්බිම', චම්පිකට මඩ ගහලා

Published in පුවත්
Sunday, 09 August 2015 15:42

අගෝස්තු මස 07 වනදා මව්බිම දිනපතා පුවත්පතෙහි මුල් පිටුවේ සහ 15 පිටුවේ පළකර තිබූ, "චම්පිකගේ ඡුන්ද වැඩ වලට ලක්ෂ 1400 ක් වියදම් කරලා" මුදල් ලැබුන හැටි රටට හෙළි කරන්න" "චම්පිකගේ උපන්දිනයට මාධ්‍ය ආයතන වලට මනාප අංක දැමු චොකලට් ඩෝනට්ස් තොග පිටින් යවලා, ඇතැම් මාධ්‍ය ලොක්කන්ට සුපිරි ජංගම දුරකතන තෑගි දීලා" යනුවෙන් පළකර තිබූ

අසත්‍ය, ද්වේශසහගත, අපහාසාත්මක ප‍්‍රවෘත්තිය නිසා සිදුවී ඇති කීර්ති නාමයට හානිවීම වෙනුවෙන්, එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතාට රු. මිලියන 500 ක වන්දි මුදලක් ගෙවන ලෙස, නීතිඥ එම්.ඞී.ජේ. බණ්ඩාර මහතා විසින්, සීමාසහිත සිලෝන් නිවුස් පේපර්ස් පුද්ගලික සමාගමට සහ දිනපතා මව්බිම පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයාට එරෙහිව ඊයේ (8) එන්තරවාසියක් නිකුත් කර ඇත.

පාඨලී චම්පික රණවක මහතා පුරවැසි යුතුකමක් ලෙස සලකා මහජනතාව විසින් ලබාදෙන තොරතුරු වලට අනුව සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් පුද්ගලික ආයතනයට සම්බන්ධ ටිරාන් අලස් යන අයට විරුද්ධව රාඩා ආයතනයේ දූෂිත ගනුදෙණු පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර, ඒ සඳහා පළිගැනීමක් ලෙස පාඨලී චම්පික රණවක මහතාට විරුද්ධව නිරන්තරව ද්වේශසහගත, අසත්‍ය ප‍්‍රවෘත්ති කිහිපයක්ම මව්බිම දිනපතා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා මීට පෙරද පළකර තිබේ.

පාඨලී චම්පික රණවක මහතාගේ මැතිවරණ කටයුතු වලට හානියක් මෙන්ම, හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරවල රාජකාරි කටයුතු වලට අවමන් සහගත ප‍්‍රවෘත්තියක් වන, පදනම් විරහිත ඉහත කී අසත්‍ය ප‍්‍රවෘත්තියට වෙන්වෙන්ව සහ සාමූහික වන්දි වශයෙන් අගෝස්තු මස 25 වන දිනට හෝ ඊට ප‍්‍රථමයෙන් රු. මිලියන 500 ක මුදලක් ගෙවන ලෙසත්, එදිනට ප‍්‍රථම එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, එම මුදලට එකතුවන නෛතික පොලිය සමග නඩු ගාස්තුද, අදාළ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා සහ සමාගම විසින් ගෙවිය යුතු වේ.

Last modified on Sunday, 09 August 2015 15:43

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us