විජේදාස රාජපක්ෂ, මහින්දගේ නෑයෙක්ද ? නැත්නම් නියම නරුමයෙක්ද?

Published in පුවත්
Sunday, 09 August 2015 20:29

අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නොමැති බවට කර තිබෙන ප්‍රකාශයත් මහින්ද රාජපක්ෂාගේ සිංහල ජාතිවාදී යුධ උන්මාදයත් අතර කිසිදු වෙනසක් නැති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මේවන විට උතුරේ සිවිල් යුධ සමයේදී අත් අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරීමකින්ද තොරව හා නඩු විභාග කෙරුණද තවමත් නිතියෙන් දඬුවම් නොවිඳින තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මෙරට ‍රැඳවුම් බාරයේ සිටියදී මෙරට දේශපාලන සිරකරුවන් නොමැති බව ප්‍රකාශ කිරීම නරුම ප්‍රකාශයකි. විජේදාසට අනුව මෙය ආණ්ඩුවේ මතය  වී තිබේ. එය සුපිරි කතාවකි.

මෙම පිරිස දේශපාලන සිරකරුවන් වේවා නොවේවා ඔහුන්ට නීතියේ පිළිසරණවත් නොමැතිව මෙලෙස සිරකර තබා ගැනීම කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේ.මෙය මේ ආණ්ඩුවේ ම්ලෙච්ඡත්වය පෙන්වීමකට වඩා දෙයක් වෙන්නේ නැත. යුද්ධයට වගකිවයුතු ඉහළ නායකයන් පසුගිය රාජපක්ෂ සමයේදීත් වත්මන් යහපාලන රජය යටතේත් සුරසැප විඳිමින් නිදහසේ කාලය ගත කරමින් සිටියද ඔවුන්ගේ නියෝග මත යුද්ධයට තල්ලු කරවනු ලැබූවන් සිරගතව සිටීම පුදුම විහිළුවකි.

එමෙන්ම හෙළ උරුමයේ චම්පික රණවකට මහරගම සිංහල බෞද්ධ ඡන්ද ගොඩ ලැබෙනු ඇති බවට, බරපතල ලෙස බිය වී සිටින විජේදාස මහතා, චම්පිකට වඩා ජාතිවාදියකු වන්නට සිතාගෙන මෙම නරුම ප්‍රකාශය කළාදැයිද සැකයක්ද තිබේ. රටේ සමස්ත පුරවැසියාට වෙනස්කම්වලට ලක් නොකර සැලකීමට නොහැකි මේ වෙස් මූණු ප්‍රජාතන්ත්‍රවාදීන්ව පක්ෂ ජාති බේදයකින් තොරව පිලිකෙව් කොට මෙරට දේශපාලනයෙන් ඉවත් කළ යුතුය.

මෙවැනි නරුම වර්ගවාදී දේශපාලනයක නියැලී සිටිවුන් මෙරටට කළ හානිය දැන් හොඳටෝම ඇතිය.

 

Last modified on Sunday, 09 August 2015 21:52

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us