'මෛත්‍රී සමඟ පෙරට' ! කියාගෙන මහින්ද මෛත්‍රීගේ සරමෙ එල්ලෙයි

Published in පුවත්
Monday, 10 August 2015 14:34

ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිගැනීමට තමා සුදානම් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයින් පිරිසකගේ එකඟතාවය මත සිදු කෙරෙන මෙම ප්‍රකාශයත් සමග මේවනවිට එක්සත් ජාතික පෙරමුණට සහය දෙමින් සිටින ප්‍රබලයකු යළි සන්ධානය වෙත එක්වීමට නියමිත බවද ඉහත ආරංචිමාර්ග වලින් වැඩි දුරටත් වාර්තා වේ.

මෙම රහස් මෙහෙයුමට අනුව, හිටපු ජනාධිපතිවරයා ද එක්කර ගනිමින් 'මෛත්‍රී සමග පෙරට' ප්‍රචාරක ව්‍යාපෘතිය වහාම දියත් කිරීමට තීරණය කර ඇත.

මහ මැතිවරණයෙන් පසු වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සහයෝගයෙන් වැඩ කිරීමට තමා සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

තමා මෛත්‍රීපාල මහතාගේ නායකත්වය පිළිගැනීමට සුදානම් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ එහි දිගුවක් ලෙසය. එමෙන්ම අද දින දිනපතා පුවත්පත්වල අනාගතයට සහතිකයක්- මෛත්‍රීපාලනයක් යනුවෙන් දැන්වීම දැමීමටද රජපක්ෂ මහතා කටයුතු කොට ඇත.

Last modified on Monday, 10 August 2015 14:35

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us