දේශපාලකයන්ට රාජ්‍ය උත්සව තහනම්

Published in පුවත්
Tuesday, 11 August 2015 07:54

රජයේ හෝ පළාත් සභා හෝ පළාත් පාලන ආයතනවල කිසිදු ව්‍යාපෘතියක මුල්ගල් තැබීම්, ජනතා අයිතියට පත්කිරීම් හෝ ඒ හා සම්බන්ධ උත්සවවලට ලබන 18 වැනිදා තෙක්‌ කිසිදු අපේක්‍ෂකයකු හෝ පළාත් සභා, පළාත් පාලන දේශපාලනඥයකු සහභාගි කර ගැනීමෙන් වළකින ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා රජයේ නිලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

යම් හෙයකින් මෙම කාලසීමාව තුළ එවැනි උත්සවයකට දේශපාලනඥයකු සහභාගි වීම මගින් පක්‍ෂයට හෝ අපේක්‍ෂකයකුට ප්‍රවර්ධනයන් සිදුව ඇති බවට සනාථ වුවහොත් එම උත්සවය සංවිධානය කළ රජයේ නිලධාරියා ඊට වගකිව යුතු බවට ද අවධාරණය කර ඇත.

මෙවැනි උත්සව හරහා යම් යම් අපේක්‍ෂකයන් තම අපේක්‍ෂකත්වය හෝ පක්‍ෂය ප්‍රචාරය කර ගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් අනෙකුත් පක්‍ෂවලට හෝ අපේක්‍ෂකයන්ට සිදුවිය හැකි අගතිය වැළැක්‌වීමට කොමසාරිස්‌වරයා මෙම පියවර ගෙන ඇත.

සියලුම අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිසාපතිවරු, පළාත් සභා අමාත්‍ය ලේකම්වරුන්, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත කොමසාරිස්‌වරයා මෙම උපදෙස්‌ ලබාදී තිබේ.

divaina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us